2 (1)

අදින් ඇරඹුන නව වසර මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කෙරෙන වසර බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැවසීය.පොළොන්නරුව දිස්ති‍්‍රක් ගොවි සංවිධාන නායකයින් සමග අද (01) පොළොන්නරුවේදී පැවති හමුවකදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

හෙට ඇරඹෙන තිරසර යුගයක – තෙවසර ඇරඹුම ජාතික වැඩසටහන සමග මෙරට කෘෂිකර්මාන්තයේ පරිවර්තනයන් රැසක් සිදු කෙරෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලූ ගොවි ජනතාවගේ සහය අපේක්ෂා කරන බව කියා සිටියේය.දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාව මුහුණ දී ඇති ගැටලූ කිහිපයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඉදිරි සංවර්ධන සැළසුම් සමග එම සියලූ ගැටලූවලට විසදුම් ලබාදීම රජයේ අරමුණ බවත් ගොවි පවුලක උපන් තමා මෙරට කිසිදු ගොවි පවුලක් කුසගින්නේ තැබීමට ඉඩ නොතබන බවත් කියා සිටියේය.

ගෝලීය උෂ්ණත්වය සමග සිදුව ඇති කාලගුණික වෙනස්කම් නිසා කෘෂිකාර්මික කාල සටහන් වෙනස්වීම හේතුවෙන් රටපුරා ගොවි ජනතාව මුහුණ දී තිබෙන කෘෂිකාර්මික ගැටලූ ද මෙහිදී සාකච්ඡුාවට ලක් විය.උදා වූ නව වසර වෙනුවෙන් ගොවි සංවිධාන නියෝජිතයින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් එක් කළහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය