04

චීනයෙන්, හික්මීමෙන් සහ යහපත්කමින් යුත් සමාජයක් ගොඩනැගීමට සම්බුද්ධ ශාසනයේ උතුම් වූ පදවි තානාන්තරවලට පත්වන මහා සංඝරත්නය පෙරමුණ ගනු ඇතැයි රාජ්‍ය නායකයා ලෙස තමා බලාපොරොත්තු තබන බව ජනාධිපතිතුමා පවසයි.

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට එම පදවියට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්වුණු අතර එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

අද ලෝකයේ බොහෝ රටවල් භෞතික සම්පත්වලින් සහ තාක්ෂණයෙන් කෙතරම් ඉහළ දියුණුවක් ලැබුවත් අපේ රටේ ජනතාව තුළ ඇති මානුෂීය ගුණාංග එම ජනතාව තුළ දක්නට නොමැති බව පැවසූ ජනාධිපතිතුමා බෞද්ධාගමත් සමග අපට ලැබුණු එම යහපත්බව රැකගෙන අපේ රට ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ඉදිරියට ගෙන යාමට සියලූදෙනා කටයුතු කළයුතු බවද පැවසීය.

පෙර රජ සමයේ සිට පැවති චාරිත්‍ර ඉටු කරමින් ජනාධිපතිතුමා විසින් අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත සන්නස් පත්‍රය පිළිගැන්වීය.

එමෙන්ම අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවි දෙක සදහා අභිනවයෙන් පත්වූ ඓතිහාසික බදුලූ මුතියංගණ රජමහා විහාරාධිපති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය

වෙඬරුවේ උපාලි යන අනුනායක හිමිවරුන් දෙනමට අක්ත පත්‍ර පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, බුද්ධ ශාසන අමාත්‍ය කරූ ජයසූරිය මැතිතුමා ඇතුලූ මැති ඇමතිවරුන්ද, ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල

මහතා ඇතුළු බස්නායක නිළමේවරුන්ද දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක්ද මෙම මහෝත්සවයට එක්ව සිටියහ.

15 14 13 11 10 09 07 02

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය