1 (28)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉදිකළ සිව්මහල් සෞන්දර්ය ඒකක ගොඩනැගිල්ල අද (02) පස්වරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍යාධාර මත රුපියල් ලක්ෂ 400 ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
අනතුරුව පැවති උත්සව සභාවේ දී ජනාධිපතිතුමා දරුවන්ට පෙන්වා දුන්නේ කලාව සහ සංගීතය ආධ්‍යාත්මික සමාජයක් ගොඩනැගීමට මහගු පිටුවහලක් වන බවයි.

මතින් නිදහස් යහපත් සමාජයක් ගොඩනැගීමට රජය කි‍්‍රයාත්මක කර තිබෙන ජාතික වැඩසටහන් සදහා පාසල් දරුවන්ගේ දායකත්වයේ ඇති වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය යන මහත්වරුන් ද, විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ගාල්ල, ගෝනාපීනුවල සාරාලංකාර විද්‍යාලයේ සිසුවෙකු විසින් කරන ලද ඉල්ලීමක් අනුව අද (02) පස්වරුවේ ජනාධිපතිතුමා එම විද්‍යාලයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර විද්‍යාලයේ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන්ට තිළිණ ප‍්‍රදනය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

විද්‍යාලයේ සංගීත ඒකකය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.විදුහල්පති ශාන් ජාගොඩ මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර යන මහත්වරුන් සහ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2 (30)

3 (16)

4 (17)

5 (19)

6 (13)

7 (10)

8 (13)

01 (44)

02 (46)

03 (33)

05 (28)

06 (25)

07 (22)

08 (21)

09 (18)

12 (21)

14 (16)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය