01 (31)

රට තුළ මතුවන ආගමික ගැටුම් වැළැක්වීමට නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීම සේම එම ගැටුම් ඇතිකරගන්නා පාර්ශවවලට කරුණු පැහැදිළිකරදීමේ පොදු වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපතිතුමා පෙන්වා දෙයි.ඒ සදහා සියලූ ආගමික නායකයින් එකම වේදිකාවකට පැමිණිය යුතු බව ද පැවසූ ජනාධිපතිතුමා රට තුළ අසමගිය වපුරන ජාතික සහ ආගමික ගැටුම් සදහා ඉඩ ලබාදිය නොහැකි බව ද අවධාරණය කළේය.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අන්තර් ආගමික උපදේශක සභාව රැස්වූ අවස්ථාවේදීය.

රට තුළ මතුවන ආගමික ගැටලූ පිළිබද ඒ ඒ දිස්ති‍්‍රක්ක මට්ටමින් අවධානය යොමු කරමින් කටයුතු කිරීමට දේශපාලනඥයින්ගෙන් සහ ආගමික නායකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට තම උපදෙස් පරිදි කටයුතු කර තිබෙන අතර, එම කමිටු වඩා සකී‍්‍රය ලෙස ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.එමෙන්ම අන්තර් ආගමික උපදේශක සභාව අවම වශයෙන් මසකට වරක්වත් රැස්විය යුතු බව ද පැවසූ ජනාධිපතිතුමා අද මෙම සාකච්ජාවේදී ඉදිරිපත් කෙරුණු අදහස් පදනම් කර ගනිමින් ගතයුතු ඉදිරි පියවර පිළිබද විශේෂ නිර්දේශ තමා ඊළග අමාත්‍ය මණ්ඩල රැුස්වීමට ඉදිරිපත් කරන බව ද ප‍්‍රකාශ කළේය.

රට තුළ මතුවන ජාතික සහ ආගමික ගැටලූවලදී මධ්‍යස්ථව සහ අපක්ෂපාතීව කටයුතු කිරීමට සියලූදෙනාට වගකීමක් පැවරෙන බව ද පැවසූ ජනාධිපතිතුමා සියලූදෙනාගේ අපේක්ෂාව විය යත්තේ සියලූ ආගම් සහ ජාතින්වලට අයත් ජනතාව සතුටින් ජීවත්වන සාමකාමී රටක් බව ද කියා සිටියේය.
සියලූ ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින් ද, මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය