1

ආණ්ඩුව මොනවද කළේ කියා ප‍්‍රශ්න කරන අය මේ රටේ තිබූ ක‍්‍රමයත් තිබෙන ක‍්‍රමයත් බොහෝ පැහැදිළිව තේරුම්ගතයුතු බව ජනාධිපතිතුමා පවසයි. රටට අවශ්‍ය එම වෙනස කුමන අභියෝග හමුවේ වුවද ඉටුකරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ වරකාපොළ මූලික රෝහලේ නවීන උපකරණ සහිත අංග සම්පූර්ණ නව සය මහල් සායනික ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට අද (16) පස්වරුවේ එක්වෙමිනි.

අද රටේ සියලූ ක්ෂේත‍්‍රවල සිදුව තිබෙන වෙනස ඉතා පැහැදිළි බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා රටේ ස්වාධින අධිකරණ පද්ධතියක් මේ වන විට නිර්මාණය වී තිබෙන බව කියා සිටියේය.නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට රජය පියවර රැසක් ගෙන ඇති බව පැවසූ ජනාධිපතිතුමා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉටු කළ නොහැකිව බාධාවන් එල්ල වී තිබූ බොහෝ කාර්යයන් අද ඉටුකර තිබෙන බවත්, බහු ජාතික සමාගම් පසු පස යාමට රජය කිසිවිටකත් සුදානම් නොමැති අතර ජනතාව රට වෙනුවෙන් භාරදුන් වගකීම නිසි ලෙස ඉටු කරන බවත් ජනාධිපතිතුමා කියා සිටියේය.

රෝහල් ගොඩනැගිලි ඉදිකරනවිට රෝහලේ අවශ්‍යතා සේම කාර්ය මණ්ඩලයේ පහසුකම් පිළිබදව ද අවධානය යොමු කළ යුතු බව පැවසූ ජනාධිපතිතුමා වෛද්‍ය, හෙදි ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල මුහුණදී සිටින බරපතළ ප‍්‍රශ්නයක් වූ නේවාසික ගැටලූ විසදීමට එම සැලසුම් තුළ අවධානය යොමු විය යුතු බව ප‍්‍රකාශ කළේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටින අවදියේ එතුමා අතින් මුල්ගල් තබන ලද මෙම ගොඩනැගිල්ල රුපියල් මිලියන 1103 ක වියදමින් ඉදිකර තිබේ.රෝහල් ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි ශල්‍යාගාරයේ, දැඩි සත්කාර ඒකකයේ සහ නොමේරු ළදරු ඒකකයේ නිරික්ෂණ චාරිකාව ද නිරත විය.

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස, පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුසිතා විජේමාන්න යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද, රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය එස්.එම්.එන්.එස්.එම්. මල්ලවආරච්චි මහත්මිය ඇතුළු වෛද්‍ය, හෙදි ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2 5 6 8 10 11 12

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය