02 (18)

ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැුස්වීම ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශිෂ්‍ය භට බලකාය, ජාතික ආරක්ෂණ අධ්‍යාපන ආයතනය, ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය, වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව, රක්නා ලංකා ආයතනය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කි‍්‍රයාකාරිත්වය සහ ඉදිරි සැළසුම් පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක් විය.

සාලාව සිදුවීමට අදාළ වන්දි ගෙවීමේ කටයුතුවල ප‍්‍රගතිය පිළිබදව ද මෙහිදී ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. පැලවත්ත, අකුරේගොඩ ඉදිකෙරෙන යුද හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් පිළිබදව ද සාකච්ජාවට ලක්වූ අතර එය ලබන වසරේ විවෘත කිරීමට හැකියාව පවතින බව සදහන් කෙරිණි.සාලාව, සාමසර කන්ද, මීතොටමුල්ල සිදුවීම්වලදී මුදා ගැනීමේ මෙහෙයුම්වල සහ සහන කටයුතුවල නිරතවූ ති‍්‍රවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ නිළධාරින් ඇගයීමට ලක් කිරීම පිළිබදව ද සාකච්ජාවට ලක් වූ අතර ඔවුන්ගේ සේවය අගයමින් විශේෂ සේවා ඇගයීම් ලිපි පෞද්ගලික ලිපි ගොනුවට ඇතුළත් කිරීමට ඒ අනුව යෝජනා කෙරිණි.ශිෂ්‍ය භට බලකාය සියයට පනහකින් ඉහළ නැංවීම පිළිබදව ද අවධානය යොමු වූ අතර ශිෂ්‍ය භට බලකාය සදහා අවශ්‍ය පහසුකම් මෙන්ම මුල්‍ය ප‍්‍රතිපාදනය ලබාදීම පිළිබදව සාකච්ඡුාවට බදුන් විය.

රණවිරුවන් සදහා ඉඩම් ලබාදීමේ වැඩසටහන පිළිබදව ද මෙහිදී සාකච්ජාවට ලක් වූ අතර මේ වන විට ඉඩම් කට්ටි නවදහසකට ආසන්න ප‍්‍රමාණයක් බෙදා දී තිබෙන අතර අවශ්‍යතාවය මත මහවැලි බල ප‍්‍රදේශවල ඉඩම් ද ඒ වෙනුවෙන් ලබාදිය හැකි බව ජනාධිපතිතුමා සදහන් කළේය.රක්නා ලංකා ආයතනය ඈවර කිරීමට රජය මේ වන විට තීරණය කර තිබෙන අතර එහි සේවය කරන විශ‍්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය උදෙසා එම ආයතනය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම පිළිබදව ද යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන් සහ අදාළ ආයතන ප‍්‍රධානින් මෙම සාකච්ඡුාවට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය