09 (19)

අතිවිශාල මුදලක් වෙන්කරමින් අද දිවයින පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් කි‍්‍රයාවට නංවා තිබෙන අතර, එහිදී තිබිය යුතු විනිවිදභාවය උපරිමයෙන් සුරකීමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඇළහැර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකෙරුණු නව ගොඩනැගිල්ල අද (04) පෙරවරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.

තමා පසුගිය රජයෙන් ඉවත්වූයේ වංචාවට සහ දුෂණයට එරෙහිව බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා මෙම රජය තුළද කිසිදු දේශපාලන බේදයකින් තොරව වැරදි කරන සියලූදෙනාට විරුද්ධව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම මෙන්ම දඩුවම් ලබාදීම, යහපාලනයේ තිබියුතු යුතු ප‍්‍රධාන ලක්ෂණයක් සේ සලකා කටයුතු කරන බව ද සදහන් කළේය.

සංවර්ධනයේදී යම් යම් තීන්දු තීරණ ගැනීමට ඇතැම් නිලධාරින් පසුබසින තත්ත්වයක් දක්නට තිබෙන අතර තම වගකීම් අවංකව සහ නිසි ලෙස ඉටුකිරීමට කිසිදු රාජ්‍ය නිලධාරියෙක් බියවිය යුතු නැති බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
පිබිදෙමු පොළොන්නරුව, සංවර්ධන වැඩසටහන යටතේ ඇළහැර – බකමූණ කලාපයේ සිදුකෙරුණු සංවර්ධන කටයුතු රැසක් අද ජනාධිපතිතුමා අතින් ජනතා සහ සිසු අයිතියට පැවරිණි.

බකමූණ මහසෙන් මධ්‍ය මහා විද්‍යාලයේ රුපියල් ලක්ෂ 168 ක වියදමින් ඉදිකෙරුණු තාක්ෂණ ඒකක 02 කින් සහ පංතිකාමර 08 කින් සමන්විත නව තෙමහල් ගොඩනැගිල්ල අද පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ අතර සිසු දරුවන් සමග සුහද කතා බහක නිරතවෙමින් විද්‍යාලයේ සෙසු අඩු පාඩු ද විමසා බැලීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාලක කොළොන්නේ, ඇළහැර ප‍්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සම සභාපති අමරවංශ මොහොට්ට් යන මහත්වරුන් සහ විදුහල්පති ගාමිණි සමරකොන් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව රුපියල් ලක්ෂ 900 ක් වැයකරමින් ඉදිකෙරුණු ඇළහැර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි. නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් කාර්ය මණ්ඩලය සමග ද සුහද කතා බහක නිරත විය.

ඇළහැර කොට්ඨාශයේ ඉඩම්ලාභීන් 57 දෙනෙකු වෙත හිමිකම් පත‍්‍ර ලබාදීමද මෙහිදී සිදුවූ අතර සංකේතාත්මකව එම හිමිකම් පත‍්‍ර ලබාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

මෙම උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේ පසුගිය දශක කිහිපය පුරා පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ සිදු වූ සංවර්ධනයේ පසුබෑම මගහරවමින් 2018 වසර වන විට එහි අධ්‍යාපන, සෞඛ්‍ය සහ කෘෂිකර්ම ක්ෂේත‍්‍ර අංග සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බව පවසයි.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පාසල් 242 අතරින් මේ වන විට පාසල් 150 ක පමණ ති‍්‍රවිධ හමුදාවේ දායකත්වයෙන් නව ගොඩනැගිලි ඉදිකිරීම ඇතුළු නව ව්‍යාපෘති කි‍්‍රයාත්මක වන අතර ඉදිරි දිනකදී, එක් දිනක් තුළ දිස්ති‍්‍රක්කයේ පාසල් 100 ක පමණ ඉදිකෙරුණු නව ගොඩනැගිලි 100 ක් සිසු අයිතියට පවරාදීමට අපේක්ෂා කරන බව ද සදහන් කළේය.

පොළොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක කෝට්ටපිටිය ශ‍්‍රී ආලෝකාරාමාධිපති පූජ්‍ය මාදොළ සෝමානන්ද නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාලක කොළොන්නේ, ඇළහැර ප‍්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සම සභාපති අමරවංශ මොහොට්ටිගේ, සම්පත් ශී‍්‍ර නිලන්ත, එන්.ඒ සමන්ත යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් පිරිසක් ද ප‍්‍රාදේශීය ලේකම් එස්.එම්.කේ කුමාරිහාමි මහත්මිය ඇතුළු නිලධාරින් මීට එක්ව සිටියහ.

මේ අතර කෝට්ටපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරුණු පංතිකාමර 06 කින් යුත් නව දෙමහල් ගොඩනැගිල්ල ද අද සිසු අයිතියට පැවරුණේ ජනාධිපතිතුමා අතිනි. ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 84 කි.

සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා සිසු දරුවන් සමග සුහද කතා බහක ද නිරත විය.අනතුරුව නව පංති කාමරය තුළ සිදු කෙරුණු සෞන්දර්ය විෂය සමගාමී පාඩම් වැඩසටහනට ද සවන් දෙනු ලැබීය.

ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල පරිශ‍්‍රයේ පැළයක් ද රෝපණය කෙරුණු අතර විද්‍යාලයේ ආරම්භක ශිෂ්‍යයා වන ඩබ්.එම්. ගාමිණි විජේකෝන් මහතාට සහ පසුගිය 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් ඒ.ඩබ්.ජී. ඕදාත අඹවත්ත ශිෂ්‍යයා වෙත තිළිණ පිළිගැන්වීය.

එමෙන්ම නව පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සිදුකළ ගුවන් හමුදා කණ්ඩායම සමග මෙන්ම විදුහල්පති බී.එල්.ජේ. ගුණසේකර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සමග සමූහ ජායාරූපයකට ද පෙනී සිටියේය.

විවිධ සංවර්ධන ක්ෂේත‍්‍රයන් යටතේ ඇළහැර – බකමූණ ප‍්‍රදේශය තුළ කි‍්‍රයාත්මක වෙමින් පවතින හා ඉදිරියට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් ලක්ෂ 35,000 ක් පමණ වේ. මෙයින් රුපියල් ලක්ෂ 12,743 ක් දැනටමත් විවිධ සංවර්ධන කාර්යයන් සදහා ආයෝජනය කර තිබේ.
02 (47)

03 (35)

04 (33)

05 (29)

06 (26)

10 (32)

12 (22)

01 (46)

02 (48)

03 (36)

04 (34)

09 (20)

12 (23)

14 (17)

01 (47)

02 (49)

03 (37)

04 (35)

05 (30)

06 (27)

09 (21)

10 (33)

11 (24)

12 (24)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය