03 Australian PM Malcolm Turnbull

ඉන්දීය සාගර කාලපීය රාජ්‍ය නායක සමුළුව අද (07)පෙරවරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අභිමානවත් අයුරින් පැවැත්වුණු අතර සමුළුව අතරවාරයේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු අතර ද්වි පාර්ශවික සාකච්ඡුා පැවැත්විණි. එම රටවල් සමග පවතින වෙළෙද සහ ආර්ථික සබදතා සවිමත් කර ගැනීම පිළිබද මෙහිදී ජනාධිපතිතුමා විශේෂ අවධානය යොමු කළ අතර නව සංවර්ධන සැලැස්මක් ඔස්සේ ඉදිරියට ගමන් කරන ශී‍්‍ර ලංකාව සමග අත්වැල් බැද ගැනීමට සූදානම් බවට එම රාජ්‍ය නායකයින් ජනාධිපතිතුමා හමුවේ සහතික විය.

පළමුව ජනාධිපතිතුමා හමූ වූයේ ඉන්දියාවේ උප ජනාධිපති මොහොමඞ් හමීඞ් අන්සාරි මහතායි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ඉන්දු – ශී‍්‍ර ලංකා සබදතා ඉතා නැවුම් ප‍්‍රවේශයකින් ඉදිරියට ගමන් කිරීම පිළිබදව මෙහිදී සිය සතුට පළ කළ ඉන්දීය උප ජනාධිපතිවරයා අසල්වාසී මිත‍්‍ර රටක් ලෙස ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය. නිදහස්, ස්වෛරී රාජ්‍යයක් ලෙස රට ගොඩනගමින් සියලූ ජන කොටස් අතර සාමය සහ සංහිදියාව ස්ථාපිත කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ඉතා ආදර්ශමත් බව ද ඉන්දීය උප ජනාධිපතිවරයා සදහන් කළේය.නියං තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ඉන්දියානු රජයෙන් සිදු කළ සහල් පරිත්‍යාගය පිළිබදවද ජනාධිපතිතුමා මෙහිදි සිය ස්තූතිය පිරිනැමීය.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා හමු වූයේ දකුණු අපි‍්‍රකානු ජනාධිපති ජාකොබ් සූමා මහතායි. ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පවතින සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබදව මෙහිදී රාජ්‍ය නායක දෙපළ සාකච්ඡුා කළ අතර ජාත්‍යන්තර කටයුතුවලදී දකුණු අපි‍්‍රකාව ශී‍්‍ර ලංකාවට ලබාදෙන සහය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඇගයීමට ලක් විය.ශී‍්‍ර ලංකාව තුළ තිරසර සාමයක් ඇති කිරීම සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ද දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් විය.ජාත්‍යන්තර කටයුතුවලදී මෙන්ම සෑම ක්ෂේත‍්‍රයකින්ම ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බව දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයා සදහන් කළේය.

ඕස්ටේ‍්‍රලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා ජනාධිපතිතුමා හමු වූයේ ඉන් අනතුරුවයි.ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පවතින්නේ ඉතා දීර්ඝකාලීන සබදතාවයක් වන අතර නිරන්තරයෙන් සිදුවන තම හමුවීම් තුළින් එම සබදතා තවදුරටත් ශක්තිමත් වූ බව ඕස්ට්‍රේලියා අගමැතිවරයා සදහන් කළේය.ශී‍්‍ර ලංකාවේ බලශක්ති ක්ෂේත‍්‍රයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබද මෙහිදී සාකච්වජාට ලක්වූ අතර ඒ සදහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට කටයුතු කරන බව ඔස්ටේ‍්‍රලියා අගමැතිවරයා සදහන් කළේය. ආර්ථික සහ ව්‍යාපාරික වශයෙන් ශී‍්‍ර ලංකාව සමග ශක්තිමත් ගමනක් යාමට ඕස්ටේ‍්‍රලියාව සූදානම් බව පැවසූ ඕස්ටේ‍්‍රලියා අගමැතිවරයා ඔස්ටේ‍්‍රලියාවේ සංචාරයක් සදහා පැමිණෙන ලෙස ද ජනාධිපතිතුමා වෙත ආරාධනා කරනු ලැබීය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර හමුව ඉන් අනතුරුව සිදු විය. ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ද පවතින්නේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන හෘදයාංගම බැදීමකි. එම බැදිම් තවදුරටත් ශක්තිමත් කර ගැනීම දෙරටේම අරමුණ බව නායක දෙපළ එහිදී අවධාරණය කළහ.වෙළෙද සහ ආර්ථික වශයෙන් ශී‍්‍ර ලංකාව සමග නව බැදීම් රැුසක් ඇතිකර ගැනීමට බංග්ලාදේශය සූදානමින් සිටින බව පැවසූ බංග්ලාදේශ අගමැතිවරිය දෙරට අතර ව්‍යාපාරික සබදතා පුළුල් කර ගැනීමේ වැඩපිළිවෙළකට ඉදිරියේදී එළැඹීමට අපේක්ෂා කරන බව කියා සිටියාය.රටවල් දෙක අතර වෙළෙද සහ ව්‍යාපාරික සබදතා ශක්තිමත් කර ගැනීම පිළිබද සොයා බැලීමට විශේෂ නියෝජිත කණ්ඩායමක් බංග්ලාදේශය වෙත එවන බව ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සදහන් කළේය. තමා සෞඛ්‍ය අමාත්‍යවරයාව කටයුතු කරන සමයේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළව ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ඇතිකරගත් සබදතා ශක්තිමත්ව කි‍්‍රයාත්මක වීම පිළිිබදව ද ජනාධිපතිතුමා මෙහිදී සිය සතුට පළ කළේය.බංග්ලාදේශයේ නිල සංචාරයක් සදහා පැමිණෙන ලෙසට බංග්ලාදේශ අගමැතිවරිය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ආරාධනා කළාය.

01  Prime Minister of Bangladesh Sheikh Hasina 02  Prime Minister of Bangladesh Sheikh Hasina 04  Australian PM Malcolm Turnbull 05 South Africa President Jacob Zuma 06 South Africa President Jacob Zuma 07 South Africa President Jacob Zuma 09 Indian Vice President Mohammad Hamid Ansari 10 Indian Vice President Mohammad Hamid Ansari

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය