01 (5)

කැළි කසල කළමනාකරණය සහ ඩෙංගු මර්දනය පිළිබද දැනට රට තුළ කි‍්‍රයාත්මක වැඩසටහන් වඩා විධිමත් සහ කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙයි.මෙම ගැටලූ රජයේ හෝ දේශපාලන පක්ෂයක ගැටලූ නොව රටේ සමස්ථ ජනතාවගේම ජීවිත පිළිබද ගැටලූ ලෙස සළකමින් ඒ පිළිබද සියලූදෙනා පුළුල් අවධානයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (30) පෙරවරුවේ ගම්පහ ශී‍්‍ර බෝධි විද්‍යාලයීය කි‍්‍රඩාංගණයේ පැවති ගම්පහ දිස්ති‍්‍රක් සෞඛ්‍ය හා පරිසර සමුළුව අමතමිනි. දිස්ති‍්‍රක් මට්ටමින් දිවයින පුරා සංවිධානය කරන සෞඛ්‍ය හා පරිසර සමුළු මාලාවේ දෙවන සමුළුව මෙයයි. පළමු සමළුව පසුගියදා කොළඹ දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ඇතැම් අවස්ථාවල ආයතනික වශයෙන් පවතින ගැටලූ කැලි කසළ කළමනාකරණය සහ ඩෙංගු උවදුර සදහා ගෙන යන වැඩපිළිවෙළට බාධා පමුණුවන බවයි. එබැවින් ආයතනික වශයෙන් නිසි සම්බන්ධිකරණයකින් යුතුව කටයුතු කරමින් ආණ්ඩුවක නොව සමස්ථ රටේම ගැටලූවක් ලෙස සළකා මෙම වැඩපිළිවෙළ කාර්යක්ෂම සහ විධිමත් කිරීමට සියලූදෙනා එක්විය යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

කැළි කසල කළමනාකරණය සහ ඩෙංගු මර්දනය පිළිබද රජය මීට පෙර නිකුත් කර ඇති චක‍්‍රලේඛ සහ උපදෙස් සදහා පසුගිය කාලයට වඩා ප‍්‍රමුඛත්වයක් දී කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී සියලූ ආයතනික ප‍්‍රධානින්ගෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටී අතර මේ පිළිබද සාමාන්‍ය ජනතාව ද වඩා වැඩි අවධානයකින් කටයුතු කළයුතු බව කියා සිටියේය.

ඩෙංගු රෝගය වැළැක්වීම හා පාලනය සදහා වන කඩිනම් අන්තර් පාර්ශ්වීය වැඩසටහන පිළිබද විද්වත් දේශනයක් විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා විසින් මෙහිදී සිදු කරනු ලැබූ අතර පාසල් පද්ධතිය තුළ පරිසර සංරක්ෂණ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම පිළිබද විශේෂ දේශනය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.එස්. හේවගේ මහතා විසින් සිදු කරනු ලැබීය.

එමෙන්ම කසළ කළමනාකරණය පිළිබද විද්වත් දේශනය පවත්වනු ලැබුවේ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉංජිනේරු මහේෂ් ජයවීර මහතා විසිනි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, ජෝන් අමරතුංග, සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන්, ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු ද, ගම්පහ දිස්ති‍්‍රක් ලේකම් සුනිල් ජයලත් මහතා ඇතුළු නිළධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර අද පෙරවරුවේ ගම්පහ තක්ෂිලා විද්‍යාලය වෙත ද ගිය ජනාධිපතිතුමා එම පාසලේ අඩු පාඩු පිළිබදව විමසා බැලීය.පාසල සදහා කි‍්‍රඩාංගණයක් සහ නව ගොඩනැගිල්ලක් ලබාදෙන ලෙස එම දරුවන් කළ ඉල්ලීම පරිදි ඒ සදහා ලක්ෂ 50 ක මුදලක් ලබාදෙන බවට ජනාධිපතිතුමා දරුවන්ට සහතික විය. අනතුරුව සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබදව විමසමින් ඔවුන් සමග සුහද කථා බහක ද නිරත විය.
03 (4)

04 (6)

06 (4)

07 (3)

08 (5)

09 (4)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය