Presidential Media Unit Default Banner

නිරෝගීමත්, ප‍්‍රිතිමත්, කී‍්‍රඩාශීලි ජයග‍්‍රාහී ශී‍්‍ර ලාංකීය පරපුරක් බිහිකිරීම උදෙසා 2017 පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා වූ සතිය කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන ජාතික සතිය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙන අතර ඒ හා සමගාමීව කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන වැඩසටහන් රැුසක් දිවයින පුරා කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

මේ පිළිබද සාකච්ඡුාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ සියලූ අංශ දායක කර ගනිමින් වැඩසටහන කි‍්‍රයාත්මක කරන ලෙසයි.කායික සුවතාවය මෙන්ම ජනතාවගේ මානසික සුවතාවය ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ද මේ හා සමගාමීව වැඩසටහන් සම්පාදනය කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

“සුවය, සතුට, ජයග‍්‍රහණය සදහා කී‍්‍රඩා” මැයෙන් පැවැත්වෙන කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන ජාතික සතිය තුළ
පෙබරවාරි 06 වනදා කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන රාජ්‍ය, සංස්ථා හා නිලධාරින්ගේ දිනය ලෙසත්,
පෙබරවාරි 07 වනදා කි‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන පෞද්ගලික සේවා දිනය ලෙසත්,
පෙබරවාරි 08 වනදා කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන ළමා හා මාතෘ දිනය ලෙසත්,
පෙබරවාරි 09 වනදා කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන වනිතා දිනය ලෙසත්,
පෙබරවාරි 10 වනදා කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන වැඩිහිටි හා ආබාධ සහිතවූවන් සදහා දිනය ලෙසත්,
පෙබරවාරි 11 වනදා කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන තරුණ දිනය ලෙසත්,
පෙබරවාරි 12 වනදා කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන ප‍්‍රජා සහභාගිත්ව දිනය ලෙසත් නම් කර තිබෙන අතර ඊට අදාළව වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නැංවීමට නියමිතය.

කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්න, මහින්ද සමරසිංහ, චන්ද්‍රාණි බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුථ මැති ඇමතිවරු පිරිසක්ද ද, අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප‍්‍රධානින් ඇතුථ රාජ්‍ය නිලධාරින් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය