02 (13)

සංවර්ධන වැඩපිළිවෙළේදි රජයට කුමන චෝදනා සහ විවේචන එල්ල කළද ඒ සියල්ලටම මුහුණදෙමින් රටට අවශ්‍ය සංවර්ධන කාර්යය නිසිලෙස ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ බකමූණ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (11) පස්වරුවේ එක්වෙමිනි.

රජ රට ගොවිජනතාව දීර්ඝකාලයක් පුරා මුහුණදෙන නොවිසදුණු බරපතළ ගැටලූවක් වන ජල ගැටලූව විසදීම සදහා රජය මොරගහකන්ද යෝධ සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කර තිබෙන අතර පසුගිය වසර 40 ක 50 ක කාලයක් පුරා දේශපාලන වේදිකාවේ පොරොන්දුවක් බවට පමණක් පත්වූ එම ගැටලූවට විසදුම් ලැබුණේ වත්මන් රජයෙන් බව ද කියා සිටියේය.රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා සැළසුම් සහ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමේදී රජයක් ලෙස ඉතා විධිමත් සහ කාර්යක්ෂම අයුරින් එම වැඩපිළිවෙළ ඉටුකරමින් සිටින බව ද ජනාධිපතිතුමා පැවසීය.

කාලගුණික හා දේශගුණික තත්ත්වයන් මත ඉදිරියේදී ඇතිවිය හැකි නියගය හමුවේ ගොවිජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කුමන ආකාරයෙන් කටයුතු කළයුතු ද යන්න පිළිබදව මේ වන විට රජය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට, මහවැලි අධිකාරියට සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙන බව සදහන් කළ ජනාධිපතිතුමා එම තත්ත්වයන්ට මුහුණදිම සදහා රජයක් ලෙස ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ද ප‍්‍රකාශ කළේය. අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් සදහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙන ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ වැඩසටන යටතේ දරුවන් 12 දෙනෙකුට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. කාබනික පොහොර වැඩසටහන යටතේ ගොවීන් වෙත ණය ලබාදීමේ වැඩසටහන සංකේතවත් කරමින් ගොවි මහතුන් දෙදෙනෙකු වෙත අදාළ චෙක්පත් ප‍්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර කාන්තා ගොවි සංවිධාන ලියාපදිංචි කිරීමේ සහතික පත් ප‍්‍රදානයද සිදු කෙරිණි.

මේ අතර ජාතික පුනර්ජනනීය බලශක්ති සංවර්ධන වැඩසටහන යටතේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් ආගමික ස්ථාන වෙත ශුද්ධ මනුකරණ ක‍්‍රමය යටතේ සූර්යබල පද්ධති ලබාදීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ විහාරස්ථාන 10 ක් සදහා එම උපකරණ කට්ටල ප‍්‍රදානය කිරීම සංකේතවත් කිරීමද ජනාධිපතිතුමා අතින් සිදුවිය. අඩු ආදායම්ලාභී පවුල් සදහා සූර්ය පැනල ඔස්සේ විදුලි බලය ලබාදීමේ වැඩසටහන යටතේ බකමූණ, පුවක්ගහඋල්පත ගම්මානය සූර්ය විදුලි බලයෙන් ආලෝකමත් කිරීම සනිටුහන් කරමින් බකමුණ දෙවැනි පියවර, තරුණ ගොවි ව්‍යාපාරයේ ගොඬේවිතාරණගේ ජයසුන්දර මහතාගේ නිවස සූර්ය බලයෙන් ආලෝකමත් කිරීම ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් සිදුවිය.ආර්ථික අපහසුතා මැද අසීරුවෙන් ජීවිකාව ගත කරන තිදරු පියෙකු වන ඒ මහතාගේ නිවසට ගොඩවැදුණු ජනාධිපතිතුමා එම අබලන් නිවස වෙනුවට නව නිවසක් ඉදිකර දෙන බවට ද පොරොන්දු විය.

අමාත්‍යවරුන්වන දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු පිරිසක් ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

 

© 2015 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය