01 (10)

රාජ්‍ය මෙන්ම පෞද්ගලික දෙඅංශය තුළම ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබද ජාතික ප‍්‍රතිපත්තියක කඩිනම් අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කරයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (09) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශන සංග‍්‍රහය සහ ඇගයීම් ක‍්‍රමවේදය එළිදැක්වීමේ උත්සවයට එක් වෙමිනි.

අපේ රට කුඩා දිවයිනක් වන අතර වේගයෙන් ඉහළ යන ජනගහණ වර්ධනයත් සමග ගැටලූ රැසකට මුහුණදීමට සිදුව ඇති බවත් නිවාස ඉදිකිරීම් සදහා ද ජාතික ප‍්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙන් අභියෝග රැසක් මතුව ඇති බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.මේ අනුව සළකා බැලීමේදී තවත් වසර 25 – 30 ක් ගතවන විට වගා කිරීමට ඇති භූමි ප‍්‍රමාණය ද සීමාවීම තුළින් කෘෂි ක්ෂේත‍්‍රයේ අභියෝග රැසකට මුහුණදීමට සිදුවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මිනිසා ප‍්‍රමුඛ සියලූ සත්වයාගේත්, ස්වභාව ධර්මයේත් පැවැත්ම උදෙසා තම වගකීම් සහ යුතුකම් ඉටුකිරීමට අප කඩිනමින් ඒකරාශි විය යුතු බව කියා සිටියේය.

2017 වසරේ සිට ශී‍්‍ර ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රය හරිතකරණයට ලක්කිරීමේ පළමු අදියර ලෙස රාජ්‍ය අංශයේ ආයතනයන්හි ගොඩනැගිලි පරිසර හිතකාමී හරිත ගොඩනැගිලි ලෙස පවත්වාගෙන යාම සදහා ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශන සංග‍්‍රහය සහ හරිත ඇගයීමේ ක‍්‍රමවේදය පිළියෙළ කර ඇත.එම ප‍්‍රකාශය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.ඊට අදාළ නිල වෙබ් අඩවිය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි. ජනතාවට නිසි අවබෝධයක් ලබා දෙමින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කැපවීම ඉංජිනේරුවන්ගේ මෙන්ම ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශේෂඥයින් ඇතුථ සියලූදෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

අමාත්‍යවරුන්වන පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග යන මහත්වරුන් ද ඉදිකිරිම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

02 (10) 04 (8) 05 (9) 06 (6) 07 (5) 08 (7) 11 (4)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය