21

වයඹ කුඩා හා මධ්‍ය පරිමාණ වැව් 300 ක් හා ප්‍රධාන වැව් 08 ක් නිල් දියවරින් පුරවා ගොවිබිම් හෙක්ටයාර් 12,000 ක් යල මහ දෙකන්නයේ අස්වද්දන වයඹ ඇල ව්‍යාපෘතිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ ඇරඹිනි.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් රුපියල් මිලියන 16000 ක වියදමින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිය 2024 දී අවසන් කෙරේ.

අද පෙරවරුවේ යෙදුනු සුබ මෙහොතින් වෑමැඩිල්ල වම් ඉවුරු ඇල භූමියේ පළමු පස් පිඩැල්ල කපමින් ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ ආරම්භ කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවන පිරිස් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ගොවි පවුලක ඉපදුන ජනාධිපතිවරයෙක් ලෙස ගොවි ආර්ථීකය නගා සිටුවමින් කෘෂිකර්මාන්තයෙන් රට සමෘද්ධිමත් කිරීම සඳහා තම ධූර කාලය තුළ ගතහැකි, ගතයුතු සෑම පියවරක්ම ගන්නා බවයි.

මහ වැවි නිල් දියවරින් පුරවා ගොවි ජනතාවට යළි ජල ගැටලූවකට මුහුණදීමට සිදු නොවන අයුරින් ජල ගැටලූව විසඳීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා පැවසීය.

දේශපාලන පක්ෂ බේදවලින් තොරව රටේ සංවර්ධනයට අත හිත ලබාදෙමින් රට ගොඩනැඟීමට එක්වීම සියලූදෙනාගේ වගකීම බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ආණ්ඩු හැදීමට සහ ආණ්ඩු වෙනස් කිරීමට මැතිවරණ සමයේ දී හැකියාව තිබෙන අතර අද කළයුත්තේ සියලූ වාද බේද අමතක කර රට ගොඩනැගීමට එක්වීම බව ද කියා සිටියේය.

දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරින් අවංකව තම වගකීම් ඉටු කරන්නේනම් රට අද තිබෙන ප්‍රශ්නවලින් ගොඩගැනීම අපහසු කාර්යයක් නොවන බව ද සඳහන් කළ ජනාධිපතිතුමා වත්මන් රජයේ අරමුණ සෑම විටම සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීම බවත්, කුමන අභියෝග හමුවේ වුවද විශිෂ්ට රාජ්‍යයක් ලෙස මාතෘ භූමිය ගොඩනැගීමේ වගකීම නොපිරිහෙලා ඉටු කරන බවත් මෙහිදී අවධාරණය කළේය.

ප්‍රදේශයේ දැනට පවතින වකුගඩු රෝගය සඳහා ද හේතුවන උග්‍ර පානීය ජල ගැටලූවට පිළියම් ලැබීම හා ඉදිකිරීමේ හේතුවෙන් ඝෘජු හා වක්‍ර රැකියා අවස්ථා රැසක් උදා වේ. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 16000 ක් පමණ ඇස්තමේන්තු කර ඇති අතර ව්‍යාපෘතියේ කටයුතු 2024 දී අවසන් වීමට නියමිතය.

ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවන පිරිස් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අමාත්‍යවරුන්වන එස්.බී. නාවින්න, අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණි ජයවික්‍රම පෙරේරා, අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන්වන ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තාරානත් බස්නායක, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප්‍රධාන අමත්‍ය ධර්මසිරි දසනායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1

2

3

4

5

6

7

9

10

12

13

14

15

16

18

19

20

21

22

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය