01 (3)

පරිසරයට විශාල අභියෝගයක්ව ඇති ඝන අපද්‍රව්‍ය කළමණාකරනය සඳහා විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය  ජනාධිපතිතුමා අවධාරණය කරයි.

එහිදි සියලූ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු බවද ජනාධිපතිතුමා පැවසීය.

ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (25) පෙරවරුවේ එක් වෙමිනි.

මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මහවැලි සංවර්ධන විෂයට අදාළ සාකච්ඡාව පැවැත්වූණු අතර පරිසර විෂයට අදාළ සාකච්ඡාව පැවැත්වුණේ බත්තරමුල්ල පරිසර අමත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ය. ඒ පරිසර අමාත්‍යාංශයේ සියලූ ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ සහභාගිත්වයෙනි. ඝන අපද්‍රව්‍ය කළමනාකරනය පිළිබද එහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර ඒ සදහා දැනට ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති සහ ඒවා කි්‍රයාත්මක කිරීමේදී මතුව ඇති ගැටලූ මෙන්ම ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා වූහ.

පළාත් පාලන ආයතනවල අපේක්ෂිත වගකීම් නිසි ලෙස ඉටු නොවීම මතුව ඇති ප්‍රධාන ගැටලූවක් බව මෙහිදී නිළධාරින් පෙන්වා දුන් අතර සුදුසු ඉඩම් සොයා ගැනීමේ ගැටලූව, උපද්‍රවකාරී අපද්‍රව්‍ය අනවසර ලෙස බැහැර කිරීම ආදි කරුණු පිළිබදවද අවධානය යොමු විය.

මහවැලි සංවර්ධන විෂයට අදාළ සාකච්ඡාවේදී මහවැලි සංවර්ධන අමාත්‍යාංශය විසින් කි්‍රයාත්මක කර ඇති  ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැළසුම් පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා වූහ.

විශේෂයෙන් වේලි ආරක්ෂණ ව්‍යාපෘතිවල ඉදිකිරීම් විධිමත් භාවයෙන් තොරවීම නිසා මතුව ඇති ගැටලූ පිළිබද ජනාධිපතිතුමා එහිදී නිළධාරින්ගේ අවධානය යොමු කළේය.

මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබදවද අවධානය යොමු විය.

පරිසර රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවලට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය