11

ශ්‍රී ලංකා යුද හමුදාව සහ චීන මහජන විමුක්ති හමුදාව අතර දශක ගණනාවක් මුථල්ලේ පවතින සදාතනික මිත්‍රත්වය සනාථ කරමින් චීන රජයේ පරිත්‍යාගයක් අනුව දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ ඉදිකෙරුණු නව ශ්‍රවණාගාරය අද (15) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

ශ්‍රවණාගාරය නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීමට අදාළ ලිපි ලේඛන මෙහිදී චීන තානාපති චෙං ෂූඈන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

දියතලාව යුධ හමුදා විද්‍යා පිඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජගත් ජයසූරිය, යන මහත්වරුන් සහ ති්‍රවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සම්භාවනීය අමුත්තන් සහ විසර ගිය කැඩෙට් නිලධාරින්ගේ දෙමාපියන් ඥාතින් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

1

2

3

4

5

6

7

10

12

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය