01

චීන මහජන සමූහාණ්ඩුවේ ප‍්‍රදානයක් අනුව කොළඹ ජාතික රෝහලේ ඉදිකෙරෙන මහල් 09 කින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය සදහා මුල්ගල තැබීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (07) පෙරවරුවේ සිදු විය. මහජන චීන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සභාපති යූ සෙන්ෂෙන් මහතා ද මෙම අවස්ථාවට එක් විය.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානම රෝහල සහ ආසියාවේ විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ පවතින දැඩි තදබදය අවම කිරීම සදහා ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම ගොඩනැගිලි සංකීර්ණය ලබා දී තිබේ.මේ යටතේ කොළඹ ජාතික රෝහලේ දැනට කි‍්‍රයාත්මක බාහිර රෝගී අංශය වෙනුවට මෙම අංගසම්පූර්ණ නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරෙන අතර ඒ සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 100 කි.වසර තුන හමාරකින් ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

02 03 04 05

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය