Presidential Media Unit Default Banner

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (10) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත සිය ආශිර්වාද පළ කළේය.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, සුසිල් පේ‍්‍රමජයන්ත, දුමින්ද දිසානායක. මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය