01

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (06) දහවල් ජකර්තා නුවර Soekarno Hatta ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

ඉන්දුනීසියානු රජය වෙනුවෙන් එරට මහජන උපයෝගීතා සහ නිවාස අමාත්‍ය Basuki Hadimuljono මහතා ඇතුළු විශේෂ දූත පිරිසක් විසින් මෙහිදී ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව හෙට (07) පෙරවරුවේ ජකර්තා නුවරදී ඇරඹෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහි සමාරම්භක උත්සවයට සහභාගීවීමට නියමිත අතර ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙ.ව 11.00 ට පමණ සමුළුව ඇමතීමට නියමිතය.

මේ අතර ඉන්දුනිසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබෙන ඉන්දුනිසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග සුහද හමුවකට ද ජනාධිපතිතුමා අද පස්වරුවේ එක් වෙයි.

අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන්වන වී.රාධක්‍රිෂ්ණන්, සූජීව සේනසිංහ, දිල්ප් වෙදආරච්චි යන මහත්වරුන් ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටි.

02

03

06

08

09

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය