Presidential Media Unit Default Banner

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හෙට (13) බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය.

මෙම සංචාරයේදී ජනාධිපතිතුමා බංග්ලාදේශ අගමැතිණිය සහ ජනාධිපතිතුමා සමග සාකච්ජා පැවැත්වීමට නියමිත අතර බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, කථානායකවරයා මෙන්ම විපක්ෂ නායිකාව ද ජනාධිපතිතුමා හමුවී සාකච්ඡුා පවත්වනු ඇත.

ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර රාජ්‍යතාන්ති‍්‍රක සබදතා ඇරඹෙන්නේ 1972 වසරේදී ය.

ශී‍්‍ර ලංකාවේ බංග්ලාදේශ ආයෝජන ඉහළ නැංවීම පිළිබදව ද, නාවික, අධ්‍යාපන, සංචාරක, ධීවර, සෞඛ්‍ය ආදී ක්ෂේත‍්‍රවල සබදතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡුා පැවැත්වීමට නියමිත අතර දෙරට අතර කෘෂිකර්ම, අධ්‍යාපන, විදේශ කටයුතු පුහුණවීම්, ආගමන සහ විගමන ආදී ක්ෂේත‍්‍ර ආවරණ වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතය.

ශී‍්‍ර ලංකාව හා බංග්ලාදේශය අතර වසරකට ඩො.මි. 142 පමණ වෙළද පිරිවැටුමක් ඇති අතර, මෙම වෙළද කටයුතු තවදුරටත් වැඩිදියුණුකර ගැනීමට ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබදව ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේදී විශේෂ අවධානයක් යොමු කෙරෙණු ඇත.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය