03 (62)

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (22) පස්වරුවේ හදිසියේම මොරගහකන්ද ව්‍යාපෘති පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරකාවක නිරත විය.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක විදුලිබල ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලිබලාගාරයේ පරීක්ෂණ කටයුතු මේ දිනවල සාර්ථකව සිදු කෙරෙමින් පවතින අතර, එම කටයුතු පිළිබදව ජනාධිපතිතුමා මෙහිදී සොයා බැලීය.

මෙරට කෙටිම කාලයකින් ඉදිකෙරුණු විදුලි බලාගාරය වන මොරගහකන්ද ජල විදුලි බලාගාරය අධි පීඩනය මත කි‍්‍රයාත්මක වන ටර්බයින් හතරකින් විදුලි බලය නිෂ්පාදන කරනු ලබයි.

මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 450,000 කි. එම ජල ධාරිතාවෙයන් සියට 93 ක් එනම් අක්කර අඩි 410,000ක් මේ වන විට සම්පූර්ණ වී තිබෙන අතර විදුලි උත්පාදනය සදහා අවශ්‍ය ජල ධාරිතාව සම්පූර්ණවීමත් සමග එහි විදුලි උත්පාදන කටයුතු ආරම්භ කෙරණු ඇත.

දශක හතරකට ආසන්න කාලයක් පුරා සැලසුම්වලට හා දේශපාලන නොසලකාහැරීම්වලට ලක් වෙමින් පැවති මොරගහකන්ද කළු ගග ජලාශ ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු රජයේ ප‍්‍රමුඛ කාර්යයක් වශයෙන් සලකා කඩිනම් කිරීමට අවස්ථාව ලැබුණේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙරට කෘෂිකර්මාන්තයේ නව පුනර්ජීවනයක් ඇති කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රමුඛ පියවරක් වශයෙනි.

අද පස්වරුවේ ව්‍යාපෘති පරිශ‍්‍රය වෙත ගිය ජනාධිපතිතුමා ඉංජිනේරුවන් ඇතුළු ව්‍යාපෘති නිලධාරින් සමග සුහද කථා බහක නිරත විය.

මොරගහකන්ද කළු ගග සංවර්ධන ව්‍යාපෘතියේ වැඩබලන අධ්‍යක්ෂ ටී.බී. විජේරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
01 (83)

03 (63)

04 (62)

05 (53)

06 (45)

08 (38)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය