04

මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ මහතාගේ මැදිහත්වීමෙන් ජපන් ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව පදනම විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 150 ක් වටිනා ගිනි නිවන රථ දෙකක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් භාරදීම අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

ජපන් ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව පදනමේ සභාපති ආචාර්ය ලාල් තිලකරත්න මහතා විසින් මීට අදාළ ලිපි ලේඛන ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය.

මෙම ගිනි නිවන රථ දෙක ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සහ හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාව වෙත ලබාදීමට කටයුතු කර තිබෙන අතර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා වෙත සහ හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති එන්.ටී.කේ. රඹුක්කනගේ මහත්මිය වෙත එය භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ මහතා ද මෙම අවස්ථාවට එක් විය.

01

02

03

04

05

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය