Maithripala Sirisena - 01

ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පියවර ගෙන තිබේ.

ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම වෘත්තික උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, නයිජල් හැව්, නීතිඥ ජාවිඞ් යුසුෆ්, ආචාර්ය රාම් මාණික්කලිංගම්, ආචාර්ය සුරේන් රාඝවන්, යන මහත්වරු කටයුතු කරති.

ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලය පළමු වරට අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස් වූ අතර එහි දී ජනාධිපතිතුමා සඳහන් කළේ තම අදහස් සහ යෝජනා ස්වාධීනව ඉදිරිපත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙනයන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මෙම උපදේශක මණ්ඩලය සිය උපරිම දායකත්වය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය