02 (21)

ශී‍්‍ර ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරු දෙදෙනෙක් අද (08) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාරදුන්හ.නේපාලය සහ ඉන්දුනිසියාව සදහා තානාපතිවරුන් ද, මෝල්ටා රජ්‍යය සහ නවසීලන්තය සදහා මහ කොමසාරිස්වරුන් ද මෙලෙස පත්ව සිටී.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

01. Mr. Stephen Borg – High Commissioner- designate of the Republic of Malta

02. Ms. Joanna Mary Kempkers – High Commissioner – designate of New Zealand

03. Mr. I. Gusti Ngurah Ardiyasa – Ambassador – designate of the Republic of Indonesia

04. Prof. Bishwambher Pyakuryal – Ambassador – designate of Nepal

ශී‍්‍ර ලංකාව සහ මෙම රටවල් අතර පවතින ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් සවිමත් කර ගැනීමට අලූතින් පත් වූ මෙම රාජ්‍ය තාන්ත‍්‍රිකයින් කටයුතු කරනු ඇතැයි මෙහිදී විශ්වාසය පළකළ ජනාධිපතිතුමා, ලොව සෑම රටක් සමගම පවතින මිත‍්‍ර සබදතා ශක්තිමත් ප‍්‍රවේශයන් ඔස්සේ ඉදිරියට ගෙන යමින් රටේ ආර්ථික සංවර්ධනයට එම සියලූ රටවල සහය ලබා ගැනීම වත්මන් රජයේ විදේශ ප‍්‍රතිපත්තිය බව ද කියා සිටියේය.
01 (16)

03 (12)

04 (18)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය