1 (5)

උගතුන්ගේ වෙළෙදපොළ ජයග‍්‍රහණය කළ හැකි බුද්ධිමත් තරුණ පරපුරක් මෙන්ම ආත්මාභිමානයෙන් සහ ආත්ම විශ්වාසයෙන් යුතු යහපත් තරුණ පරපුරක් රට තුළ ගොඩනැංවීමට කැපවන බව ජනාධිපතිතුමා පවසයි. ඒ සදහා අවශ්‍ය මග පෙන්වීම මේ වන විට රජය සිදු කරමින් සිටින බවද සදහන් කළ ජනාධිපතිතුමා රටේ තාරුණ්‍යය ගොඩනැංවීම වෙනුවෙන් සියලූ වගකීම් ඉටු කරන බව ද කියා සිටියේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ,රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය, යොවුන් කදවුරේ සමාරම්භක උත්සවයට අද (10) පස්වරුවේ එක් වෙමිනි.

දේශයේ ඉදිරි සංවර්ධන කි‍්‍රයාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි නායකත්ව ගුණාංග වලින් සහ පෞරුෂත්වයෙන් සපිරි තරුණ පරපුරක් බිහි කිරීම උදෙසා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත වැඩසටහන කි‍්‍රයාවට නැංවෙයි. රට පුරා දියත් කෙරෙන තරුණ කදවුරු වැඩසටහන් මාලාවේ පළමුවැන්න මෙය වන අතර පිබිදෙන පුලතිසි යෞවනය, යොවුන් කදවුර මාර්තු මස 10,11,12 තෙදින පුරා පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වෙයි.

සමාරම්භක උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේ නිදහසින් පසු ශී‍්‍ර ලංකාවේ එක් දිස්ති‍්‍රක්කයක් කේන්ද්‍ර කර ගනිමින් තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවන් තෙදින තරුණ කදවුරක් සංවිධානය කෙරුණු පළමු අවස්ථාව මෙය වන බවයි. පොළොන්නරුවෙන් ලබාදෙන මෙම ආදර්ශය රට පුරා කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.මතින් නිදහස් තරුණ්‍යයක් රට තුළ ගොඩනැගීම සදහා වත්මන් රජය කැපවිමෙන් කටයුතු කරන බවද සදහන් කළ ජනාධිපතිතුමා රටේ තාරුණය දැනුමෙන්, බුද්ධියෙන් මෙන්ම යහපත් ගුණවගාවකින් ද පිරිපුන් තාරුණ්‍යයක් බවට පත් කළ යුතු බව ප‍්‍රකාශ කළේය.රටේ තරුණ පරපුර ඇතුළු ජනතාවට යහපත් පණිවිඩයක් ලබාදීම මාධ්‍යයේ ද වගකීමක් බව පැවසූ ජනාධිපතිතුමා පෞද්ගලික සහ දේශපාලන න්‍යාය පත‍්‍රවලින් බැහැරව රටත්, ජනතාවත් වෙනුවෙන් වූ වගකීම් ඉටු කරමින් යෞවනයට නිවැරදි මගපෙන්වීමක් ලබාදීමට කැපවන ලෙස සියලූ මාධ්‍ය ආයතනවලින් ද ඉල්ලා සිටියේය.

යොවුන් කදවුර වෙත පැමිණි ජනාධිපතිතුමා තරුණ තරුණියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.
අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහ, ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු සහ පොළොන්රුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2 (6) 4 (6) 5 (5) 7 (4) 8 (3) 9 (3)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය