04 (1)

අද අවශ්‍ය සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් සහ  විනයකින් යුතුව රට ගොඩනැගීමට එක්වීම බව ජනපති පවසයි.

අද රටට අවශ්‍ය වන්නේ බලයේ සිටින අය බලය තහවුරු කර ගැනීමට හෝ බලයට ඒමට සිටින අය බලය ඉලක්ක කරගෙන වැඩකිරීම නොව සියලූ දෙනා සහෝදරත්වයකින්, බැදීමකින් සහ මනා විනයකින් යුතුව රට ගොඩනැගීමට එක්වීම බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව සෞභාග්‍යමත් දේශයක් බිහිකරනු පිණිස ,තිරසර යුගයක දැක්ම, එළිදැක්වීමේ ජාතික උත්සවය අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙම වසර රටේ දිළිදුකම පිටුදැකීමේ වසර ලෙස රජය නම් කර තිබෙන අතර දිළිදුකම පිටුදැකීම සදහා වන රජයේ දැක්ම අනුව සහ තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සදහා වැඩසටහන් රැුසක් කි‍්‍රයාත්මකය.2030 තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සදහා ශී‍්‍ර ලංකාවේ ගමන්මග පිළිබද ජාතික ප‍්‍රතිපත්තිය සකස් කිරීම ද මේ හා සමගාමීව ආරම්භ කෙරේ. 2030 තිරසර සංවර්ධන ඉලක්ක 17 ක් සම්බන්ධයෙන් වන ක්ෂේත‍්‍ර 17 ක ප‍්‍රවීණයින්ගෙන් සමන්විත කමිටුවක් මගින් ජාතික ප‍්‍රතිපත්තිය සකස් කරනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ 2017 වසර අප රටක් ලෙස ආර්ථික වශයෙන් ශක්තිමත්විය යුතු වසර බවයි. ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගැනීමට මෙන්ම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ගතයුතු සෑම පියවරක්ම මෙම වසර තුළ ගන්නා බව පැවසූ ජනාධිපතිතුමා මෙරට දේශීය කර්මාන්ත සහ කෘෂි ක්ෂේත‍්‍රය ඉදිරියට ගෙන යමින් අපනයන අදායම් වර්ධනය කර ගැනීම සදහා වැඩපිළිවෙළ රැුසක් කි‍්‍රයාත්මක කරන බවද පැවසීය.

ස්වභාවික සම්පත් සුරක්ෂිත කරමින් සහ පෝෂණය කරමින් තිරසර සංවර්ධන අරමුණු ඉෂ්ට කර ගැනීම සදහා අප ගමන් කළයුතු අතර මිනිසාට සේම භූමියේ උරුමය ලබන සෑම කෙනෙකුටම භූමියේ අයිතිය තහවුරු විය යුතුය යන්න එදා මිහිදු මහ රහතන් වහන්සේ සිදු කළ ශ්‍රේෂ්ඨ වදන එදා සේම අදටත්, හෙටත් විශිෂ්ට ලෙස වලංගු බව ද කියා සිටියේය.තිරසර සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමේදී ජාතික සංහිදියාව ඉතා වැදගත් බවද සදහන් කළ ජනාධිපතිතුමා සෑමවිටම අපේ රට ගොඩනැගිය හැක්කේ ජාතින් අතර පවතින සමගිය, සහෝදරත්වය සහ විශ්වාසය තහවුරු කිරීම තුළින් බවද කියා සිටියේය.

නව වසරක උදාව සමග රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් ඉතා සුව්ශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ලැබීම පිළිබදව මෙහිදි සිය සතුට පළ කළ ජනාධිපතිතුමා දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරින් ආගමික නායකයින් ඇතුථ සමාජයේ සියලූදෙනා එක්ව මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කැපවිය යුතු බව ද කියා සිටියේය.

තිරසර යුගයක දැක්ම ප‍්‍රකාශයට පත් කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර අනතුරුව 2030 තිරසර දැක්ම ලේඛනගත කිරීමේ විශේෂඥ කමිටුවේ සාමාජික මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා වෙත එය ජනාධිපතිතුමා අතින් ලබාදෙනු ලැබීය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරුන් ද, අගවිනිසුරු ශී‍්‍ර පවන් මහතා ද, විදේශ තානාපතිවරුන්, ජාත්‍යන්තර නියෝජිතයින් සහ අචාර්ය, මහාචාර්යවරුන් ඇතුථ විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

01 (2) 02 (2) 03 (2) 05 (3) 06 (1)

08 (3) 09 (2) 07 (1) 10 (1) 11 (1) 12 13 (1)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය