03 staff High Commissioner of Australia at the airport

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක නිරතවන ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නායකයා ලෙසින් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (24) පෙරවරුවේ කැන්බරා ජාත්‍යන්තර ගුවන් තොටුපලින් එරටට ළඟාවිය.

එරට රජය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය සෙනෙටි සභික Simon Birmingham මහතා සහ අග්‍රාණ්ඩුකාරවරයාගේ ලේකම් Mark Fraser යන මහත්වරුන් ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් මෙහිදී ජනාධිපතිතුමා මහතා හරසරින් යුතුව පිළිගනු ලැබූහ.

මේ අතර ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් ජනාධිපතිතුමා නවාතැන් ගන්නා කැන්බරා නුවර හෝටලයේ දී ද සංවිධානය කර තිබුණි.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය හා කැබිනට් කාර්යාලයේ නියෝජ්‍ය ලේකම් Elizabeth Kelly, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් Somasundaram Skandakumar, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් Bryce Hutchisson යන මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටියහ.

02

04 -Governor's official Secretary

05 Minister of Education

07

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය