5

නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

කැබිනට් නොවන අමාත්‍යවරු
රවින්ද්‍ර සමරවීර මහතා – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය
වී. රාධකිි‍්‍රෂ්නන් මහතා – විශේෂ ප‍්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍ය
අබ්දුල්ලා මහරුෆ් මහතා – වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

මේ අතර දයා ගමගේ මහතාට හිමිව තිබූ අමාත්‍ය ධූරයේ සංශෝධනයක් සිදුව තිබෙනවා. ඒ අනුව ඔහුට හිමිව ඇති නව අමාත්‍ය ධූරය වන්නේ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ධූරයයි.

1

2

3

4

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය