13

නවීන තාක්ෂණයේ ප‍්‍රතිලාභ අද නාගරික සහ ග‍්‍රාමීය බේදයකින් තොරව රටේ සියලූ දරුවන්ට හිමිව තිබෙන අතර, ඔවුන් එම සියලූ තාක්ෂණික මෙවලම් රටේ සහ තම අනාගතයේ යහපත උදෙසා භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පවසයි.

අද ග‍්‍රාමීය පාසල්වල දරුවන්ට ද නවීන තාක්ෂණික මෙවලම් පිළිබඳ පුළුල් අවබෝධයක් තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා, තමා එම පාසල් වෙත ගිය විට එම දරුවන් ඉල්ලා සිටින්නේ ඩෙස් පුටු සේම පරිගණක බව ද කියා සිටියේ ය.

එම සියල්ල කිසිදු බේදයකින් තොරව දරුවන්ට ලබාදීමට තමන් කටයුතු කරන්නේ රටේ සියලූ දරුවන්ට අධ්‍යාපනයේ සාධාරණයක් ඉටු කිරීමට බව පැවසූ ජනාධිපතිතුමා නවීන තාක්ෂණයත් සමග ගුණ යහපත් දරු පරපුරක් රට තුළ ගොඩනැගෙනු දැකීම තම අපේක්ෂාව බව ද කියා සිටියේ ය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගෘහස්ථ කි‍්‍රකට් කී‍්‍රඩාගාරය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (11) පෙරවරුවේ එක් වෙමිනි.

විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ඞී.වී ශාන්ත සිල්වා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම කී‍්‍රඩාගාරය ඉදිකර තිබේ.

අද පෙරවරුවේ තර්ස්ටන් විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

පළමුව විද්‍යාල භූමියේ පිහිටි රණවිරු ස්මාරකය වෙත ගිය ජනාධිපතිතුමා මල් කලඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව කි‍්‍රකට් කී‍්‍රඩාංගණ සංකීර්ණය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.

විදුහල්පති කේ.වී.ඒ.එල්.ඩයස් මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

ආදි ශිෂ්‍ය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මීට එක්ව සිටියහ.

01

02

03

04

05

06

07

08

09

10

11

12

14

16

17

18

19

20

21

22

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය