Presidential Media Unit Default Banner

නීති විරෝධි අයුරින් පැමිණෙන සංක‍්‍රමණිකයන් පිළිබද එක් එක් රටවල් විසින් ජාතික වශයෙන් තීන්දු තීරණ ගන්නවා සේම අන්තර්ජාතික වශයෙන් ද එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කරයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ තෙදිනක් පුරා කොළඹදී පැවැත්වුණු සංක‍්‍රමණික සෞඛ්‍ය පිළිබද දෙවන අන්තර්ජාතික උපදේශන සමුළුවේ සමාප්ති අවස්ථාවට අද (23) පස්වරුවේ එක් වෙමිනි.

නීත්‍යානුකූලව පැමිණෙන සංක‍්‍රමණිකයා රටකට ආශිර්වාදයක් වන අතර නීතිවිරෝධි සංක‍්‍රමණිකයා එම රටට සෞඛ්‍ය මෙන්ම සමාජයීය, ආර්ථික, දේශපාලන ගැටලූ රැුසක් ඇතිකරන බව ජනාධිපතිතුමා සදහන් කළේය.සංක‍්‍රමණිකයන් මෙන්ම සරණාගතයින් පිළිබද ප‍්‍රශ්නයට එක්සත් ජාතින්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සියලූ සංවිධාන විසින් අද ප‍්‍රමුඛත්වයක් දි කටයුතු කරන්නේ එබැවින් බව පැවසූ ජනාධිපතිතුමා තමා ද වාර්ෂිකව එක්සත් ජාතින්ගේ සමුළුවට සහභාගීවීමේදී මෙන්ම ඒ හා සමගාමීව පැවැත්වෙන සියලූ සාකච්ඡුාවලදී සරණාගතයින්ගේ සහ සංක‍්‍රමණිකයින්ගේ සෞඛ්‍ය පිළිබද ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් කළයුතු කාර්යයන් පිළිබද පෞද්ගලිකව අවධානය යොමු කරමින් කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය.

අද එළිදැක්වුණු කොළඹ ප‍්‍රකාශනයේ අරමුණු ඉටුකර ගැනීම සදහා සියලූ සාමාජික රටවල් කැපවීමෙන් කටයුතු කරනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය. රටවල් 19 ක පමණ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය 21 වනදා කොළඹදී ආරම්භ වූ සමුළුව අදින් අවසන් කෙරේ.2008 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය සම්මේලනයේදී සම්මත වූ යෝජනාවකට අනුව එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් සියලූ රටවල් සංක‍්‍රමිණිකයන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තියක් සකස් කොට කි‍්‍රයාත්මක කිරීමට එකග විය.

මෙම යෝජනාවට ඉතා සංවේදීව ප‍්‍රතිචාර දැක්වූ ශී‍්‍ර ලංකාව සංක‍්‍රමණිකයන් සදහා සෞඛ්‍ය ප‍්‍රතිපත්තයක් සැකසූ ප‍්‍රථම සහ එකම රට බවට මේ වන විට පත්ව සිටී. එම සංවේදී ප‍්‍රතිචාරය වෙත කරනු ලබන ගරු කිරිමක් වශයෙන් සංක‍්‍රමණික සෞඛ්‍ය පිළිබද දෙවන අන්තර්ජාතික උපදේශන සමුළුව ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට තීරණය කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියාතික කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය පුනම් ඛෙත‍්‍රපාල් සිංග්, සංක‍්‍රමණිකයන් පිළිබද ජාත්‍යන්තර සංවිධානයේ ආසියා හා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය නෙනෙටි මෝටස් මහත්මිය ඇතුළු විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය