01 (7)

මතු පරපුර වෙනුවෙන් සංගීත අසපුවක් ආරම්භ කරන ලෙස අභාවප‍්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් මිය යන්නට පෙර ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීම අනුව එම සංගීත අසපුව ඉදිකිරීම පිළිබද මූලික කටයුතු සොයා බැලීමේ සාකච්ජාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (05) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

අභාවප‍්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් සිදු කරන උපහාරයක් ලෙස ඒ මහතාගේ තුන්මස දානමය පුණ්‍යකර්මයට පෙර මේ පිළිබද මූලික කටයුතු ආරම්භ කිරීම පිළිබද සොයා බලන ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.යෝජිත අමරදේව සංගීත අසපුව සෞන්දර්ය වටිනාකමකින් යුත් අපේ ගම පරිශ‍්‍රයේ ස්ථාපිත කිරීම සදහා ඇති හැකියාව සොයා බැලීමට ද මෙහිදී තීරණය කෙරුණු අතර ඒ සදහා විශේෂ කමිටුවක් ද ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබීය.එම කමිටුව විසින් ලබන 10 වනදා අදාළ කටයුතු සොයා බැලීමෙන් අනතුරුව 30 වනදා නැවත ඒ පිළිබද සාකච්ජාවක් පැවැත්වීමට නියමිතය.

අමාත්‍යවරුන් වන එස්.බී. නාවින්න, ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල යන මහත්ම මහත්මීන් ද, විමලා අමරදේව මහත්මිය ඇතුථ පිරිසක් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය