02 (26)

“ජනපති නිල මෙහෙවර” ජංගම සේවයේ පසුවිපරම් වැඩසටහනක් අද (11) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණි.පසුගිය දා පොළොන්නරුවේ ආරම්භ කෙරුණු ජනපති නිල මෙහෙවර වැඩසටහනේදී යෝජනා වූ පරිදි හිගුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පහ වසර ශිෂ්‍යත්වය සමත් වූ දරුදැරියන්ට තිළිණ ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදුවිණි.තිලිණ සදහා අනුග්‍රහය ශ්‍රම වාසනා අරමුදල මගින් ලබා දී තිබුණි.

කම්කරු හා වෘත්තීය සබදතා අමාත්‍යාංශය යටතේ පවතින මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව හා හිගුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

01 (32) 03 (23) 04 (18)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය