03

අද (26) පෙරවරුවේ යාපනය ශ්‍රී නාග විහාරය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව විහාරාධිකාරි  පූජ්‍ය මීගහදැදුරේ සිරි විමල හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා පිරිකර පූජා කළේය.  

01 (2)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (26) යාපනය ආණ්ඩුකාර නිල නිවසේදී, ඝාතනයට ලක් වූ විද්‍යා දැරියගේ මව සහ සහෝදරයා හමු  විය. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පා.ම මාවෙයි සේනාධිරාජා යන මහත්ම මහත්මීන්ද ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

03

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත පාසල් දරුවන් අගයීම වෙනුවෙන් ක්‍රියාත්මක සුජාත දරුවෝ වැඩසටහනේ දෙවන අදියර අද (26) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය වෙම්බඩි කාන්තා විද්‍යාලයේදී පැවැත්විණි. උතුරේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ පාසල් 17 ක පාසල් දරුවන් මීට එක්ව සිටි අතර තම පාසල්වල පවතින අඩු පාඩු පිළිබදව මෙහිදී දරුවන් ජනාධිපතිතුමා වෙත දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත්…

fdszghkgl;

පසුගියදා යාපනය ප්‍රදේශයේ පාසල් දැරියක අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වරදකරුවන්ට විශේෂ අධිකරණයක් හරහා උපරිම දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය. එමෙන්ම මෙවැනි සිදුවීම් යළිත් කිසිදු අවස්ථාවක රට තුල ඇතිවීමට ඉඩතැබිය නොහැකි බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කලේ අද (26) පෙරවරුවේ යාපනය ප්‍රදේශයේ හදිසි සංචාරයක නිරතවෙමිනි….

03

ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මියගේ 80 වැනි ජන්ම දින සමරමින් ,මිලිනා සුමතිපාල අභිනන්දන උළෙල, ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි.    මිලිනා සුමතිපාල මහත්මියගේ ජීවිත කතාව අලලා ලියවුණු ග්‍රන්ථ දෙකක්ද මෙහිදී එළිදැක්වුණු අතර එහි මුල් පිටපත් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.   විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, අනුර…

Page 616 of 646 1 614 615 616 617 618 646

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය