SONY DSC
 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකය වේ. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කරගනු ලබන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයට, වසර 05 ක කාලයක් සඳහා සර්ව ජන ඡන්දයෙනි. සියලුම නීති සම්පාදනය සඳහා බලය පාර්ලිමේන්තුව සතුය. එය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය අනුගමනය කරයි. කතානායකවරයා හෝ එතුමා නොමැති විටෙක නියෝජ්‍ය කතානායකවරයා හා කාරක සභා සභාපතිවරයා හෝ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පාර්ලිමේන්තුවේ මුලසුන දරයි.

ව්‍යවස්ථාදායක සැසි වාරයක් කැඳවීමේ, අත්සිටුවීමේ, වාරාවසාන කිරීමේ හෝ අවසන් කිරීමේද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේද බලය ජාතියේ ජනාධිපතිවරයා සතුය.

මන්ත්‍රීන් 225 දෙනා අතුරින් 196 දෙනෙකු බහු මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 කින් තෝරා ගැනෙන අතර ඉතිරි මන්ත්‍රීවරු 29 දෙනා ඒ ඒ දේශපාලන පක්ෂ (හා ස්වාධින කණ්ඩායම්) ලබාගන්නා ජාතික ඡන්ද ප්‍රමාණයට සමානුපාතිකව ජාතික ලැයිස්තුවලින් තෝරා ගනු ලැබෙති.

විමසීම් කළ හැකි :

ලිපිනය ශ්‍රී ලංකාපාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ
ශ්‍රී ලංකාව
දුරකතන අංක +94 11 2777100
ෆැක්ස් +94 11 2777227
විද්‍යුත් තැපැල් ලිපිනය
වෙබ්  අඩවිය www.parliament.lk