03

චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ජීප් රථ 10ක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ඊට අදාළ ලියකියවිලි සහ යතුරු ශ‍්‍රී ලංකාවේ චීන තානාපති චැන්ග් ක්ෂුයැන් (Chang Xueyuan) මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරා ගැනීමෙන් අනතුරුව මේ වන විට එහි පරිවර්තන රැුසක් සිදු කර තිබෙන අතර දිවයින පුරා සියලූම පොලිස් ස්ථාන වෙත ජීප් රථයක් ලබාදීමට ගෙන ඇති පියවර යටතේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව චීන රජය විසින් මෙම ජීප් රථ ප‍්‍රදානය සිදු කොට තිබේ.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

01

02

04

05

06

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය