5 (1)

සුවසම්පන්න මානව සම්පතක් බිහිකිරීමේ අරමුණ ඇතිව ,රජරට නවෝදය – පිබිදෙමු පොළොන්නරුව, වැඩසටහන යටතේ පොළොන්නරුව මහ රෝහලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු කිහිපයක් ජනතා අයිතියට පවරාදීම සහ නව සංවර්ධන කටයුතු ආරම්භ කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (01) සිදු විය.පොළොන්නරුව මහ රෝහල වෙත පැමිණි ජනාධිපතිතුමා එහි කාර්ය මණ්ඩලය වෙත උදා වූ නව වසර වෙනුවෙන් සුභාශීංසන පළ කිරීමෙන් අනතුරුව මේ සදහා එක් විය.

රුපියල් මිලියන 900 කට අධික වියදමින් රෝහලේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු යටතේ වැඩ අවසන්කළ හෘද කැටීතකරණ ඒකකය විවෘත කිරීම, තෙමහල් වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම, ශරීර සුවතා මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම සහ දිවා සුරැුකුම් මධ්‍යස්ථානය විවෘත කිරීම ආදි සංවර්ධන කටයුතු මෙහිදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.අනතුරුව පැවති උත්සව සභාව අමතමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට දායක වන සියලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබාදීමට රජය කැපවී සිටින බව ද කියා සිටියේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය තනතුරක් සදහා නික්ම යන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සේවය අගයමින් සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.රෝහලට පැමිණිම නිමිත්තෙන් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.

සිරිල් ධර්මවර්ධන පදනමෙන් පොළොන්නරුව මහ රෝහලේ දියත් කරන ලද ගිලන් රථ සේවාවේ ආරම්භය සනිටුහන් කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් සභා මන්තී‍්‍ර සම්පත් ශී‍්‍ර නිලන්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන් ඇතු`ථ පිරිසක් ද පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ඇතුථ රෝහල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය