Presidential Media Unit Default Banner

පසුගියදා පැවති බංග්ලාදේශ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබූ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය වෙත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.

ෂෙයික් හසීනා මහත්මිය වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් සිය සුබපැතුම් පළ කර තිබෙන ජනාධිපතිතුමා එළැඹි නව වසරේ සියලූ කටයුතු සාර්ථක වේවා යි ද සුභාශිංසන පිළිගන්වා තිබේ.

ෂෙයික් හසීනා මහත්මිය නියෝජනය කළ අවාමි ලීගය විජයග‍්‍රහණය කරවීම මගින් බංග්ලාදේශයේ ජනතාව ෂෙයික් හසීනා මහත්මිය සහ ඇයගේ රජය ගෙන යනු ලබන ප‍්‍රායෝගික සහ සාර්ථක ප‍්‍රතිපත්ති පිළිබඳ තබා ඇති විශ්වාසය නැවත වරක් තහවුරු කර ඇති බව ජනාධිපතිතුමා සිය පණිවිඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

බංග්ලාදේශය හා ශ‍්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින සම්බන්ධතා පොදු අභිලාෂය හා අන්‍යෝන්‍ය ගෞරවය පදනම් කර ගනිමින් වර්ධනය වී තිබෙන අතර, එම සබඳතා ආර්ථික, දේශපාලන, ආරක්ෂක සහ සංස්කෘතික ආදී පුළුල් ක්ෂේත‍්‍ර පුරා මේ වන විට පැතිර තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ.

දෙරට අතර පවතින මෙම ශක්තිමත් සබඳතාව සහ නොබිඳෙන මිතුදම ඉදිරියේ දි තවදුරටත් ප‍්‍රවර්ධනය වනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපතිතුමා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය