Presidential Media Unit Default Banner

නව වසරක් උදා වූ අවස්ථාවේ ශාසනික සේවාව සඳහා ඉතාම උතුම් කැපවීමක් කරන ඔබවහන්සේලා වෙත අපේ රජයෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.
අපේ රටේ ඉතාම දුෂ්කර ඉතා අඩු පහසුකම් ඇති ප‍්‍රදේශවල පිහිටි වෙහෙර විහාරස්ථානවල අඩුපාඩුකම් රාශියක් තිබෙන බව මට වඩා ඔබවහන්සේලාට අවබෝධයක් තිබෙනවා. ඒවගේම ඇතැම් දුෂ්කර ගම්මාන සහ ප‍්‍රදේශවල වැඩවසන ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය දානමය පුණ්‍ය කටයුතු වලදි ආර්ථික අමාරුකම් නිසා අපේ දායක පින්වතුන් අපහසුතාවයට පත්වන අවස්ථාවන් තිබෙනවා. ඇතැම් ගම්මාන වල විශේෂයෙන් පසුගිය දීර්ඝ කාලීන යුද්ධයත් සමග උතුරු නැගෙනහිර ප‍්‍රදේශයත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයට මායිම්ව උතුරු මැද, ඌව වැනි ප‍්‍රදේශවලත් සිදුවු ඉතාම බරපතළ හානි තුළ වෙහෙර විහාරස්ථානවලට ඇති වූ හානි සහ ඉතාම ඛේදජනක තත්ත්වයන් පිළිබඳව අපට අවබෝධයක් තිබෙනවා.

මේ සියලූ කරුණු සැලකිල්ලට අරගෙන අපි පසුගිය වසරේ නව රජය විදියට බෞද්ධ පුනරුද අරමුදල නමින් නව අරමුදලක් ආරම්භ කළා. ඒ අරමුදල නීත්‍යානුකූලව අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව අපි සම්මත කරගෙන අවශ්‍ය ගිණුම් විවෘත කරලා ඊට පසුව මුදල් සොයා ගන්න කටයුතු කළා. ඒ ලබා ගත් මුදල් ප‍්‍රමාණය මත අපි තීරණය කළා රට වශයෙන් අපට කළ හැකි පරිත්‍යාග කරන්නට. දැනට ශාසනික සේවාව සඳහා වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සම්බන්ධයෙන් ඒවගේම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට තිබෙන ඉතාමත්ම අඩු පහසුකම්, වෙහෙර විහාරස්ථානවල වැසිකිලි කැසිකිලි පහසුකම්, පානීය ජලය, විදුලිය, ආවාස ඒවායේ තිබෙන අඩුපාඩුකම් පිළිබඳව අපි සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා මේ සියලූ කරුණු සැලකිල්ලට ගෙන අද මේ පරිත්‍යාගය කිරීමට බලාපොරොත්තු වන්නේ මෙහි පළමු පියවර වශයෙනුයි. අනික් කාරණය තමයි ගම ද, නගරය ද කියන ප‍්‍රශ්නය නොමැතිව ඇතැම් වෙලාවට අපි දැකලා තිබෙනවා එක් පැත්තකින් විහාරස්ථානවල ආවාස වල වැඩවෙසෙන්නා වූ ස්වාමීන් වහන්සේලාට ඒවගේම සාමනේර ස්වාමීන් වහන්සේලාට පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට අධ්‍යාපනය සඳහා පහසුකම් අඩුයි. අවශ්‍ය පහසුකම් අසම්පූර්ණ වුණු ස්ථානත් තිබෙනවා. පුස්තකාල පහසුකම්, පොත් පත් නොමැතිකම සහ එවැනි කරුණු රාශියක් පිළිබඳව අපට අවබෝධයක් තිබෙනවා.

ඒ නිසා මේ තත්ත්වයන් සමග මම ආරක්ෂක ඇමතිවරයා වශයෙන් මූලික වශයෙන්ම උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල යුද්ධයෙන් විනාශ වූ වෙහෙර විහාරස්ථාන සම්බන්ධයෙන් අපි ළග තිබෙන වාර්තා සැලකිල්ලට අරගෙන ඒ එක් එක් ප‍්‍රදේශවල තිබෙන වෙහෙර විහාරස්ථාන යුධ, නාවික, ගුවන් හමුදා විසින් ප‍්‍රධාන වශයෙන්ම ඒ හමුදාවල සිවිල් ඉංජිනේරු අංශ විසින් භාර අරගෙන කළ යුතු මූලික අඩුපාඩුකම් සකස් කිරීම පිළිබඳව ත‍්‍රිවිධ හමුදාවට මම උපදෙස් දුන්නා. ඒ අනුව මම ඒ පැවරීමත් කර තිබෙනවා. මේ වර්ෂයේදි තමයි ඒ කටයුත්ත ආරම්භ කෙරෙන්නේ.

ඒවගේම අපේ රටේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඇතුථ පුරාවිද්‍යා සම්පත්, කෞතුක සම්පත් බරපතළ ලෙස දීර්ඝ කාලයක සිට විනාශ වීම පිළිබඳව ඔබ වහන්සේලා මාධ්‍ය තුළ දැනුවත් වෙන්නට ඇතියි කියලා මම විශ්වාස කරනවා. මේ පිළිබඳව අපි දන්නවා පසුගිය අවුරුදු ගණනාවක් ගත්තහම එක් පැත්තකින් යුද්ධ කාලේ වෙහෙර විහාර විනාශ වුණා. තවත් පැත්තෙන් සොරුන් මංකොල්ලකරුවන් නිදන් වස්තු පැහැර ගැනීම් ඒවගේම බුද්ධ ප‍්‍රතිමා ඇතථ වෙහෙර විහාරස්ථාන වල තිබෙන ඉතාමත් වටිනා සම්පත් පැහැර ගැනීම් කරනවා. මේ තත්ත්වය සැලකිල්ලට අරගෙන පුරාවිද්‍යා සංරක්ෂණ ප‍්‍රදේශවල ආරක්ෂාව සම්බන්ධයෙන් මම සම්පූර්ණයෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කෞතුක වස්තු, ඒවගේම වෙහෙර විහාරස්ථාන ආරක්ෂා කිරීම සඳහා මේ මාසයේ සිට යොදවලා තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තිබෙන සම්පත් හිගය, සේවක හිගය වැනි කරුණු සැලකිල්ලට ගැනීමට සිදුවුණා.

පසුගිය අවුරුදු 25 ක් 30 ක් නැත්නම් ඊටත් වැඩි කාලයක් මේ තත්ත්වය සැලකිල්ලට ගත් විට පුරාවිද්‍යාවට තිබෙන සේවක හිගය සම්පත් හිගය නිසා ඒ අයට මුරකාරයෝ යොදලා නැත්නම් ආරක්ෂකයින් යොදලා පුරාවිද්‍යා සම්පත්, කෞතුක වස්තු, වෙහෙර විහාරස්ථාන ආරක්ෂා කිරීමේ අඩුපාඩුවක් ඇති වෙලා තිබුණා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 38,000 ක් සේවය කරනවා. පොලීසියට අවශ්‍ය අඩුපාඩුකම් නිසා පසුගිය දිනවල මම එයින් 5000 ක් පොලිස් සේවයට නැවත සම්බන්ධ කළා. මම අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නා ගිය මාසේ අනික් කාර්යය මණ්ඩල වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම අපේ වෙහෙර විහාරස්ථාන ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අදාළ ප‍්‍රදේශවල ප‍්‍රාදේශීය ලේකම් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡුා කරලා සුදුසු පරිදි ඒ වැඩපිළිවෙල යොදන්න කියන එක.

මේ කටයුතුවලදි අපේ රජය විදියට අපිට කළ හැකි උපරිම මට්ටමෙන් අපේ වගකීම් සහ යුතුකම් ශාසනික සේවාවේ ශ‍්‍රී සම්බුද්ධ ශාසනයේ වැඩිදියුණුව සඳහා අප විසින් කළ හැකි උපරිම ලෙස අපි ඉටු කරන බව ඔබවහන්සේලාට ගෞරව පූර්වකව දැනුම් දෙන්නට ඕනෑ. ඒවගේම ඔබවහන්සේලා මේ වනවිට දැනුවත් වී තිබෙන පරිදි මේ වසරේ ජාත්‍යන්තර වෙසක් උළෙල එක්සත් ජාතීන්ගේ සමුථව විසින් ලංකාවේ පවත්වන්නේ. බුද්ධශාසන ඇමතිතුමත් අපි සෑම කෙනෙක්ම රජය විදියට අදාළ මූලික කටයුතු මේ වනවිට කරගෙන යනවා. ලෝකයේ බෞද්ධ රටවල්වල සියලූම රාජ්‍ය නායකයින්ට අපි ආරාධනා කරලා තිබෙනවා. ඒවගේම බෞද්ධ රටවල්වල මහානායක ස්වාමීන් වහන්සේලා, බෞද්ධ නායකයින්, සංඝරාජ ස්වාමීන් වහන්සේලා බෞද්ධ සංවිධානවල නායකයින්ට අපි ආරාධනා කරලා තිබෙනවා මැයි මාසයේ දෙවැනි සතියේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් සතියේ වැඩසටහනට සහභාගි වෙන්න.

ඒ නිසා මේ සියලූ කටයුතුවලදි ඔබවහන්සේලාගේ සහයෝගය, ආශිර්වාදය ඉතාම ගෞරව පූර්වකව අපි බලාපොරොත්තු වෙනවා. ඔබවහන්සේලා කවදත් ඒ උතුම් කටයුත්තට අවශ්‍ය සහයෝගය නොඅඩුවම ලබා දෙනවා. ඒ නිසා අපේ රටේ ප‍්‍රධාන වශයෙන්ම ශාසනික සේවාව තුළ යහපත් සමාජයක් ගොඩනගන්න තිබෙන අඩුපාඩුකම් හැකිතරම් දුරට අවම කරමින් මේ කටයුත්තේදී ඔබවහන්සේලාගේ උතුම් පරිත්‍යාගශීලීභාවය සහ කැපවීම අපි ඉතාමත් අගය කරනවා. රටක් හදන්න නීතිය, ව්‍යවස්ථාව අධිකරණය තුළම පුථවන් වෙන්නේ නැහැ. ඊට වඩා තිබෙන ප‍්‍රබලම ශක්තිය තමයි ආධ්‍යාත්මික වශයෙන් බෞද්ධ දර්ශනය තුළ අපේ සමාජය පෙළගැස්වීම.

ඒ නිසා ඒ ඓතිහාසික පදනම තුළ අපිට උරුම වී ඇති ඒ උතුම් වගකීමේ සහ යුතුකමේදී ඔබවහන්සේලා එදත් අදත් හෙටත් ඒ ගත්තා වූ ගන්නා වූ උතුම් මෙහෙවර සහ විශිෂ්ට නායකත්වය පිළිබඳව අපේ ගෞරවනීය ප‍්‍රසාදය, ගෞරවය, වන්දනීය ලෙස ඔබවහන්සේලා වෙත පුද කරමින් අද මේ පරිත්‍යාග කටයුතු කරන්න ඔබවහන්සේලාගේ විහාරස්ථානවල සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය