Presidential Media Unit Default Banner

මන්නාරම දිස්ති‍්‍රක්කයේ යුද්ධයෙන් අවතැන්වූවන් සහ එම ප‍්‍රදේශයේ පදිංචිකර ඇති අවතැන්වූවන්ගේ ගැටළු සොයා බැලීම සදහා විශේෂ සාකච්ජාවක් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මුස්ලිම් නියෝජිත පිරිසක් සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙම සාකච්ඡුාවට එක්ව සිටියහ.මෙම ප‍්‍රදේශයේ ජනතාව යම් ගැටළුවලට මුහුණ දී ඇත්නම් ඒවා විසදා ගත යුත්තේ කෙසේ ද යන්න පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක් කෙරිණි.

මෙම ගැටළුව විසදීම සදහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණු අතර එහි වාර්තාව මාසයක් ඇතුළත ලබාදිය යුතු බවද සදහන් කෙරිණි.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය