04

ක්ෂේත‍්‍ර නිලධාරින්ට වඩා පුළුල් මහජන සේවාවක නිරතවීමට අවස්ථාව සලසා දෙමින් ඔවුන්ගේ පහසුකම් ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබෙන අතර, ග‍්‍රාමීය ජනතාවගේ ගැටලූ විසදීමට කැපවීමෙන් කටයුතු කිරීම එම සියලූදෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව, නිශ්ශංකමල්ලපුර ප‍්‍රදේශයේ ඉදිකෙරුණු නිල සෙවණ කාර්යාලය අද (22) දහවල් ජනතා අයිතියට පවරා දෙමිනි.

ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැලසීමේ අරමුණින් පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ම ආවරණය වන පරිදි ඉදිකළ නිල සෙවණ කාර්යාල 180ක්, සහ දුම්රිය නිල නිවාස සංකීර්ණ දෙකක් ජනතා අයිතියට පවරාදිම අද සිදු කෙරිණි.

තමන්කඩුව, දිඹුලාගල, වැලිකන්ද, ලංකාපුර, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, ඇලහැර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම නිල සෙවණ කාර්යාල ඉදිකර තිබෙන අතර ග‍්‍රාම නිලධාරි වසම් තුල සේවය කරන ග‍්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි සහ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර යන රජයේ නිලධාරින්ගේ සේවාවන් එකම ස්ථානයකදී මහජනතාවට ඉටුකර ගැනීමේ පහසුකම නිල සෙවණ කාර්යාලය මඟින් හිමි වේ. වැය කෙරුණු මුදල රුපියල් කෝටි 30කට ආසන්නය.

මෙම නිල සෙවණ කාර්යාල 180 ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් පොළොන්නරුව, රවුම් පාර අසළ බැඳිවැව, සහ නිශ්ශංක මල්ලපුර ඉදිකෙරුණු නිල සෙවණ කාර්යාල විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ඒ හා සමගාමීව සෙසු නිල සෙවණ කාර්යාල පක්ෂ, විපක්ෂ දේශපාලන නියෝජිතයන් සහ ආණ්ඩුකාරවරු රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිස අතින් විවෘත කෙරිණි.

විජයදාස රාජපක්ෂ, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ඩිලාන් පෙරේරා, එස්.බී. නාවින්න, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, තිලංග සුමතිපාල, දුනේෂ් ගන්කන්ද, දුෂ්මන්ත මිත‍්‍රපාල අබ්දුල් කාදර් මස්තාන්, අංගජන් රාමනාදන්, ඉසුර දේවපි‍්‍රය යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් ද ආණ්ඩුකාරවරුන් වන පේෂල ජයරත්න, ධම්ම දිසානායක, සුරේන් රාඝවන්, ශාන් විජයලාල් ද සිල්වා, රජිත කිර්ති තෙන්නකෝන්, ඒ.ජේ.එම්. මුසම්මිල්, මෛතී‍්‍ර ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඒ සඳහා එක් වූහ.

මේ අතර දුම්රිය සේවකයන් වෙනුවෙන් සියලූ පහසුකම්වලින් සමන්විතව පොළොන්නරුව කදුරුවෙල ප‍්‍රදේශයේ ඉදිකෙරුණු දුම්රිය නිල නිවාස සංකීර්ණ ද්විත්වය ද ජනාධිපතිතුමා අතින් අද විවෘත කෙරුණු අතර එම නිවාස සංකීර්ණ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 485කි.

අමාත්‍ය අර්ජුන රණතුංග, රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

01

02

03

05

06

07

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය