1 (2)

මධ්‍යම පළාතේ විශාලතම හා අංග සම්පූර්ණ කි‍්‍රඩාංගණය ලෙස ඉදිකෙරුණු මහනුවර, දිගන ජවන හා පිටිය කි‍්‍රඩාංගණය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (01) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.ධාවන පථයකින්, පිහිණුම් තටාකයකින්, පේ‍්‍රක්ෂකාගාරයකින්, ගෘහස්ථ පුහුණු ඒකකයකින් හා අංග සම්පූර්ණ වොලිබෝල් පිටියකින්, නෙට්බෝල් පිටියකින් සහ කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයක් ඇතුළු අංග රැසකින් සමන්විත මෙම කි‍්‍රඩාංගණය ඉදිකිරීම සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 338 කි. මධ්‍යම පළාත් සභාව සහ මධ්‍යම රජය එක්ව අරමුදල් සපයා ඇත.

සමරු ඵලකය නිරාවරණය කර කී‍්‍රඩාංගණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ දැරියන් විසින් ඉදිරිපත් කළ පිහිණුම් තරගය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් වූ අතර මහනුවර දිස්ති‍්‍රක් පාසල් අතර පැවති තරග ඉසව් නැරඹීම සදහා ද සහභාගී විය.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද මධ්‍යම පළාත් කී‍්‍රඩා අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පළාත් මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

3 (2) 4 (2) 5 (1) 6 (3)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය