06 (9)

රජය පිළිබදව දේශපාලන ප‍්‍රතිවාදීන් ඇතැම් වෙබ් අඩවි සහ මාධ්‍ය ඔස්සේ ලෝකය පුරා විවිධ වැරදි ප‍්‍රචාරයන් ගෙන යන අතර එම අසත්‍ය ප‍්‍රචාරයන්ට නොරැුවටෙන ලෙස තමා සියලූ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිතුමා පැවසීය.ඉන්දුනීසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිතුමා අද (06) පස්වරුවේ ඉන්දුනිසියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් සමග සුහද හමුවකට එක්වෙමින් මේ බව ප‍්‍රකාශ කළේය.

මාතෘ භූමියේ නිදහසත්, ස්වාධීනත්වයත් රැක ගනිමින් සංවර්ධිත රටක් ලෙස ශී‍්‍ර ලංකාව ගොඩනගන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා රට තුළ ස්ථිර සාර සාමයක් ස්ථාපිත කරමින් නැවත යුද්ධයක් ඇති නොවන ලෙස සියලූ ජනතාව අතර සහෝදරත්වය සහ සහජීවනය ගොඩනැගීම වත්මන් රජයේ වැඩපිළිවෙළ බව ද කියා සිටියේය.අද ශී‍්‍ර ලංකාව සහ ශී‍්‍ර ලංකා රජයේ වැඩපිළිවෙළ මුළු ලෝකයේම පිළිගැනීමට ලක්ව ඇති අතර ඒ සියලූදෙනාගේ සහයෝගයෙන් රටේ සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කරන බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.

ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයෙකුට ඉන්දුනීසියාවේ නිල සංචාරයක් සදහා ආරාධනා ලැබුණේ වසර 40 කට පසුව බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා වසර 44 කට පසුව රුසියානු රජයෙන් ලැබුණු නිල ආරාධනයක් පරිදි තමා තවත් සති දෙකකින් රුසියාවේ නිල සංචාරයක නිරත වන බව සදහන් කළේය.ඉන්දුනීසියානු රජය ශී‍්‍ර ලංකාවට ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා නියගයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා සහල් මෙට්ටි‍්‍රක් ටොන් 5000 ක් පරිත්‍යාග කරමින් දැක්වූ සහයෝගය ද කෘතවේදීව සිහිපත් කළේය.

ඉන්දුනිසියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී මෙම හමුව සිදුවූ අතර ජනාධිපතිතුමාගේ පැමිණීම සංකේතවත් කරමින් තානාපති කාර්යාල පරිශ‍්‍රයේ නා පැලයක් ද රෝපණය කෙරිණි.

01 (12) 03 (9) 04 (9) 05 (9)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය