05

ධාර්මික සහ යහපත් සමාජයක් ගොඩනැගිය හැක්කේ, රට තුළ ආගමික පසුබිම ශක්තිමත් කිරීම තුළින් බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (30) පෙරවරුවේ මාතලේ, මිල්ලවාන මහා විද්‍යාලයේ පැවති ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 14 වන වාර්ෂික සම්මේලනයේ සමාප්ති උත්සවය අමතමනි.

ලෝකය පුරා සිටින ථේරවාදී, මහායාන, තන්ත‍්‍රයාන, වජ‍්‍රයාන සහ සෙන් බෞද්ධාගමික තරුණ භික්ෂුන් වහන්සේලා දහසක පමණ පිරිසක් සහභාගීවූ මෙම සමුළුව මෙවර ශී‍්‍ර ලංකාවේ පැවැත්වුණේ තෙවන වරටය.ඔක්තෝබර් 27 වනදා ආරම්භ කෙරුණු 14 වන වාර්ෂික සමුළුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, මහනුවර පල්ලෙකැලේ පළාත් සභා සම්මන්ත‍්‍රණ ශාලාව යන ස්ථානවලදී පැවැත්විණි.

අද මාතලේ, මිල්ලවාන මහා විද්‍යාලයේ පැවති එහි සමාප්ති උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මානව සමාජය තුළ එක්වීම, සහෝදරත්වය සහ සහයෝගය ගොඩනැගිය හැක්කේ රට තුළ ආගමික පසුබිමක් නිර්මාණය කිරීම තුළින් බවයි.

මිනිසා ආගමෙන් සහ ධර්මයෙන් ඉවත් වූ විට මිනිස්කම් සහ ගුණවත්කම් ගිලිහී යන අතර, සමාජය පරිහානිය කරා ගමන් කරන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.රට තුළ පැන නගින ආගමික, සමාජයීය මෙන්ම දේශපාලන ගැටලූවලට විසදුම් සෙවීමේදී ද ආගමික දර්ශනයන් තුළ සිදු කෙරන මගපෙන්වීම් ඉතා වැදගත් බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

මිල්ලවාන ප‍්‍රදේශයට රාජ්‍ය නායකයෙකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් මිල්ලවාන මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා විිද්‍යාලයේ සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ පිිරිස පංචශීලයේ පිහිටවූ අතර ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ අනුශාසනාව සිදු කළහ.

ලෝක බෞද්ධ සම්මේලනයේ සභාපති Annga Zadu හිමියන් ද උත්සව සභාව ඇමතීය.

තරුණ බෞද්ධ සංඝ සභාවේ සාමාජික රටවල නියෝජිතයින්ට තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදි ජනාධිපතිතුමා අතින් සිදු විය.

මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් අළුවිහාරේ, දඹුල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක පි‍්‍රයාන් විජේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සමාප්ති උත්සවයට එක්ව සිටියහ.

01

02

03

04

05

06

07

08

10

11

12

13

14

15

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය