Presidential Media Unit Default Banner

රටට කෙතරම් ආර්ථික ප‍්‍රතිලාභ ගෙන දුන්නද, රටට අහිතකර සහ නොගැළපෙන කොන්දේසි සහිත කිසිදු ආයෝජන හෝ වෙළෙද ගිවිසුමකට, කිසිදු රටක් සමග රජය අත්සන් නොතබන බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට අද (03) ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමිනි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සහ ඒ යටතේ පවතින ආයතනවල කි‍්‍රයාකාරිත්වයේ මෙතෙක් ප‍්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක්විය.ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැලැස්ම පිළිබදව මෙහිදී අවධානය යොමු වූ අතර රටේ විදුලිබල නිෂ්පාදනයේදී පරිසර සුරක්ෂිතතාවය සදහා නිසි තැන දෙමින් ආර්ථිකය සවිමත් කිරීම සදහා ගැළපෙන ජනන මිශ‍්‍රණයක් ඇති කිරීමේ යෝජනා පිළිබද අවධානය යොමු කෙරිණි.ජාතික බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීම සදහා ප‍්‍රායෝගිකව සංවර්ධනය කළ හැකි සියලූ බලශක්ති ප‍්‍රභවයන් උපාය මාර්ගික ලෙස යොදා ගැනීම පිළිබදව ද අවධානය යොමු විය.

මේ අනුව විදුලිබල නිෂ්පාදිතය සදහා ඉන්ධන ප‍්‍රභවයන් වශයෙන් ස්වභාවික වායු, ගල්, අගුරු, දැවි තෙල් වැනි පොසිල ඉන්ධන මෙන්ම සුළං බලය, සූර්ය බලය, ජෛව ස්කන්ධ බලය, භූ තාපය, මුහුදු රළ හා ඝන අපද්‍රව්‍ය වැනි පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් ද පරමාණුක බලශක්ති ද සුදුසු පරිදි යොදා ගැනීම සදහ වූ යෝජනා පිළිබද සාකච්ජාවට බදුන් වූහ.

පැරිස් සමුළුවේදී එකග වූ කාබන් විමෝචනය අඩු කිරීම සදහා වූ යෝජනා කි‍්‍රයාත්මක කිරිමේ ප‍්‍රගතිය පිළිබදව ද මෙහිදී විමසා බැලිණි.විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහත්වරුන් සහ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප‍්‍රධානීන් සහ නිලධාරින් මෙම සාකච්ඡුාවට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය