01 (9)

අලූත් ආණ්ඩු හැදීමට නොව තිබෙන ආණ්ඩුව සමග එක්ව රට ගොඩනැගීමට කැපවීම සියලූදෙනාගේ යුතුකම බව ජනාධිපතිතුමා පවසයි.

දුගී භාවයෙන් රට නිදහස් කර ගැනීමට රජය ක්‍රියාත්මක කර ඇති දැවැන්ත වැඩපිළිවෙළ සමග එක්ව යුගයේ වගකීම ඉටු කරන ලෙස තමා සියලූදෙනාට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අද (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “තිරසර යුගයක – තෙවසර ඇරඹුම” ප්‍රධාන උත්සවය අමතමිනි.

2017 වසරේ රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ ප්‍රධාන ව්‍යාපෘතිය ලෙස ග්‍රාම ශක්ති ජාතික ව්‍යාපාරය මේ මාසයේ සිට ආරම්භ කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තයේ සහ වාරිමාර්ග ක්ෂේත්‍රයේ පුළුල් පෙරළියක් සිදු කරමින් නව වැඩපිළිවෙළ රැසක් ද ක්‍රියාවට නංවන බව කියා සිටියේය.

ඇතැම් පිරිස් පසුගිය රජයේ සහ මෙම රජයේ සංවර්ධන වෙනස පිළිබද කථා කරමින් රජයට ඇඟිල්ල දිගු කළ ද එදා දුටු සුන්දර මහා සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස රුපියල් කෝටි නව ලක්ෂයක ණය බරක් රටට උරුම වී ඇති බව පැවසූ ජනාධිපතිතුමා තවදුරටත් අපට අවශ්‍ය වන්නේ එම සැලෝලයිඩ් ලෝකයද, ජාතික ආර්ථීකයේ යථාර්තය තේරුම් ගෙන රට ගොඩනැගීමට සියලූදෙනා එක්වීම ද යන්න ජනතාව අවබෝධකරගත යුතු බව ප්‍රකාශ කළේය.

යහපත උදෙසා තීන්දු තීරණ ගන්නවා සේම අනාගත බලය පිළිබඳ සිහින දකිමින් ආණ්ඩු පෙරළීමට කිසිදු ඉඩක් නොතබන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා යහපාලන රජය යහපාලන ප්‍රතිපත්තිවලට ගරු කරමින් ශක්තිමත් රජයක් ලෙස ඉදිරියට ගමන් කරන බවත් ආර්ථීක වශයෙන් සමෘද්ධිමත් වූ ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වත්මන් රජයට ඒකාන්තයෙන්ම හැකියාව තිබෙන බවත් කියා සිටියේය.

සෞභාග්‍යමත් දේශයක් බිහිකරණු වස් ඉදිරි තෙවසර තුළ රජයේ සංවර්ධන සැලසුම් සහ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත තිරසර යුගයක – තෙවසර ඇරඹුම ජාතික වැඩසටහන ක්‍රියාත්මකය.

උත්සවයේ විශේෂ දේශනය සැමට සෞභාග්‍යය මැයෙන් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී චන්ද්‍රබාබු නයිදු මහතා විසින් සිදුකළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද විදේශ තානාපතිවරුන් සහ නියෝජිතයින් ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් උත්සවයට එක්ව සිටියහ.

උත්සවයට සමගාමීව සංවිධානය කර තිබූ කාටුන් ප්‍රදර්ශනය නැරඹීමටද ජනාධිපතිතුමා ඇතුළු දායාද කිරීම හා වෙබ් අඩවිය එළිදැක්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

02 (9) 03 (8) 04 (7) 05 (8) 06 (5) 07 (4) 08 (6) 09 (4) 10 (2) 11 (3) 12 (2) 13 (2) 14 (1) 15 16 17 18 19 20 21 22 23 24 25 26

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය