06

රත්මලාන කොතලාවල පුර, සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුෙවි පැවැත්විණි.

අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත් වල නිරතව ආශිර්වාද ලබාගත් අතර  විහාරාධිපති පූජ්‍ය මාපලගම බුද්ධසිරි නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුවදුක් විමසා කෙටි පිළිසදරකද නිරත විය.

මෙම අවස්ථාවට සියම් මහ නිකායේ කෝට්ටේ සාමග්‍රී ධර්ම සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර  ස්වාමීන් වහන්සේ, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති පල්ලත්තර සුමනජෝති නායක ස්වාමීන් වහන්සේල

කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද විජේදාස  රාජපක්ෂ හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන අමාත්‍යවරුන්ද විහාරස්ථානයේ දායක පිරිස්ද එක්ව සිටියහ.

05 (1) 03 (1) 02 (2)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය