01 (8)

මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක කෙරෙන වාරි ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සාකච්ජාවක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද(26) පස්වරුවේ මහවැලි අධිකාරියේ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.දැනට කි‍්‍රයාත්මක සහ ඉදිරියේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත වාරි ව්‍යාපෘති පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක්විය.

කාලගුණික විපර්යාස සහ පසුගිය වසරවල වර්ෂාපතනය ලැබීම් පිළිබදව නිසි අධ්‍යනයක් සිදුකරමින් වාරි ව්‍යාපෘතිවල ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අදාල තීන්දු තීරණ ගන්නා ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, දුෂ්මන්ත මිත‍්‍රපාල යන මහත්වරුන් ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරින් සාකච්ජාවට එක්ව සිටියහ
02 (9)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය