Presidential Media Unit Default Banner

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට කඩිනම් සහන සලසමින් ඔවුන්ගේ සුබසාධන සේවාවන් වෙනුවෙන් අඛණ්ඩ ව කැපවූ ති‍්‍රවිධ හමුදාවේ සහ පොලීසියේ සියලූ සාමාජිකයන්ටත්, පළාත් ආණ්ඩුකාරවරු, රාජ්‍ය නිලධාරින්, ස්වේච්ඡා සංවිධාන ඇතුළු සියලූ පාර්ශ්වයන් වෙතත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා සිය ස්තූතිය පිරිනමයි.

විපතට පත් උතුරේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලදී.

ගංවතුරට හසු වූ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ති‍්‍රවිධ හමුදාවේ දායකත්වයෙන් කඩිනමින් කි‍්‍රයාවට නැංවුණු අතර ඔවුන්ගේ කැපවීම හේතුවෙන් ජීවිත සහ දේපළ හානි ඉතා අවම කර ගැනීමට හැකියාව ලැබිණි.

එමෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් දිවා රාත‍්‍රී සේවයේ නිරත වෙමින් විපතට පත් ජනතාවට අවශ්‍ය සුබසාධන සේවාවන් අඛණ්ඩ ව කි‍්‍රයාවට නැංවූහ.

තම සහෝදර රටවැසි ජනතාව විපතට පත් වූ අවස්ථාවේ, තම වගකීම් නිසි ලෙස ඉටුකරමින් මානුෂීය සේවාවක් වෙනුවෙන් කැප වූ සියලූ දෙනාගේ සේවාව ජනාධිපතිතුමා ඇගැයීමට ලක් කරයි.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය