1 (13)

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වී ඇති සෑම ගොවි පවුලක් සදහාම මසකට රුපියල් දසදහසක දීමනාවක් ලබාදීමට ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.ප‍්‍රාදේශීය ලේකම්වරු, ග‍්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවා ආපදාවට පත්වී ඇති ගොවි පවුල් පිළිබද සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව ඒවා පදනම්කර ගනිමින් ලබන මාර්තු මස අග සිට යල කන්නය ආරම්භ වන තෙක් මෙම දීමනාව ගෙවීමට ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේ නියං තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට සිදුවූ බලපෑම පිළිබදව අදාළ අංශ ප‍්‍රධානීන් සමග ඊයේ (16) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ජාවකදීය.ඉඩම් ගොඩකිරීම් සම්බන්ධයෙන් මහජනතාවගෙන් විශාල පැමිණිලි ප‍්‍රමාණයක් ලැබෙන බැවින් ඒ සදහා අදාළ නිළධාරින් වහාම පියවර ගත යුතු බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා සිය වගකීම් නිසි ලෙස ඉටු කළ නොහැකි සියලූ නිළධාරින් තම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බවද අවධාරණය කළේය.නියගයෙන් පිඩාවට පත්වූ ජනතාවට ඉදිරියේදී සහල් සහනාධාර ලබාදීමට නියමිත අතර නිසි සංඛ්‍යාලේඛණ පිළිබද සැලකිලිමත් වෙමින් විධිමත් අයුරින් එම බෙදාහැරීම සිදුකිරීමට වගකීමෙන් කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරින්ට පැවසීය.එමෙන්ම ජලය හිග ප‍්‍රදේශවල ජනතාවගේ පානීය ජලය සහ අනෙකුත් අවශ්‍යතා සදහා සපයන ජලය භාවිතයට සුදුසු තත්ත්වයෙන් යුතුවීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිතුමා, දියනෑම සදහා ජලය පවතින දුරබැහැර පොදු ළිං කරා ජනතාව රැුගෙන යාමට අවශ්‍යනම් බස්රථ යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද නිලධාරින් දැනුවත් කළේය.

ඉදිරියේදී ඇතිවේයැයි සැලකෙන විදුලි අර්බුදයට විකල්ප ලෙස පල්ලෙකැලේ, හම්බන්තොට, කුරුණෑගල, ගාල්ල ආදී ප‍්‍රදේශ වල හදිසි විදුලි උත්පාදන යන්ත‍්‍ර පිහිටුවීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිහරණය කරන ලෙස ජනමාධ්‍ය සහ අන්තර්ජාලය හරහා ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළේය. එමෙන්ම අඛණ්ඩව විදුලිය සැපයීම සදහා වැයවන මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.පළාත් පාලන ආයතන සම්බන්ධ කර ගනිමින් ග‍්‍රාමීය ප‍්‍රදේශවල ඇති නළලිං අළුත්වැඩියා කිරීම, වගාළිං සංවර්ධනය, බිත්තර වී වගාකිරීම, තෙත් කලාපීය පුරන් කුඹුරු අස්වැද්දීම යනාදී කරුණු කි‍්‍රයාවට නැංවීම පිළිබදවද මෙහිදී අවධානය යොමු විය.

මෙම සාකච්ඡුාවට අමාත්‍යවරුන්වන අනුර ප‍්‍රියදර්ශන යාපා, රාජිත සේනාරත්න, රවී කරුණානායක, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ අදාළ අනෙකුත් අංශ ප‍්‍රධානීන් එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය