2 (3)

වියළි කාලගුණයෙන් විපතට පත් ජනතාවගේ ගැටලූ පිළිබද සොයා බැලීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (30) හදිසියේම කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ජනාධිපතිතුමා පළමුව සංචාරය කරනු ලැබුවේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කහටගොල්ලෑව ප්‍රදේශයේය.

කිසිදු පෙර සූදානමකින් තොරව හදිසියේම පැමිණි ජනාධිපතිතුමාව එම ජනතාවට විසින් මහත් සතුටින් යුතුව පිළිගනු ලැබීය.

පවතින වියළි කාලගුණයත් සමග තමන්ට මුහුණදීමට සිදුව තිඛෙන ගැටලූ පිළිබදව එහිදී ඔවුන් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඔවුන්ගේ ප්‍රමුඛම ඉල්ලීම වූයේ තම පානීය ජල අවශ්‍යතා සහ සෙසු ජල අවශ්‍යතා සපුරාදෙන ලෙසයි.

දැඩි නියගය හේතුවෙන් ජලය සිදී ඇති කහටගොල්ලෑව කුඩාපුලියන්කුලම වැව ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

ජනතාව අතර සිටිමින් ඔවුන්ගේ ගැටලූවලට ඇහුම්කන් දුන් ජනාධිපතිතුමා ඒවා කඩිනමින් ඉටුකරදෙන බවට පොරොන්දු වූ අතර, ප්‍රදේශවාසියෙකු විසින් පිළිගැන්වූ ඛෙලි මල් කෝප්පයක රස විදීමට ද අමතක නොකළේය.
1 (3)

3 (1)

4 (1)

5 (1)

6 (1)

7 (1)

8 (1)

9 (2)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය