01

වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී අවශ්‍ය පානීය ජලය බෙදාහැරීම සදහා ඉන්දියානු රජයෙන් පරිත්‍යාග කරන ලද ජල බවුසර් 08 ක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් භාරදීම අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.ශී‍්‍ර ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා විසින් එම ජල බවුසර්වලට අදාළ ලියකියවිලි සහ යතුරු සංකේතාත්මකව මෙහිදී ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

පැවති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ දිස්ති‍්‍රක්ක 16 ක ජනතාව උග‍්‍ර ජල හිගයකින් පීඩාවට පත්ව සිටි.
ඔවුන්ට අවශ්‍ය සියලූ පහසුකම් සැපයීම වෙනුවෙන් රජය පියවර ගෙන තිබෙන අතර පානීය ජලය සැපයීම වෙනුවෙන් මේ වන විට රුපියල් මිලියන 4.52 ක මුදලක් වෙන් කර තිබේ.ශී‍්‍ර ලංකාවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අසල්වාසී මිත‍්‍ර රාජ්‍යයක් ලෙස ඉන්දියාව සිදුකළ මෙම පරිත්‍යාගය පිළිබද ආපදා කළමණාකරන අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා මෙහිදී ඉන්දීය රජය වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ද ශී‍්‍ර ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජලය පිරිපහදු කර පිරිසිදු පානීය ජලය බවට පත්කරන නවින උපාංගයන්ගෙන් සමන්විත නව ජල පිරිපහදු උපකරණයක් හදුන්වාදීමේ හමුවක් ද අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.BRJW පුද්ගලික සමාගම විසින් නව පිරිපහදු උපකරණය හදුන්වාදෙන අතර ඕනෑම තත්ත්වයක අපිරිසිදු ජලය තත්පර කිහිපයක් ඇතුළත පිරිසිදු පානීය ජලය බවට පත්කරගත හැකි වන සේ සකස්කර ඇති එම උපකරණය මහා බි‍්‍රතාන්‍යයෙන් මෙරටට ආනයනය කරන ලද්දකි.එම උපකරණය මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

අමාත්‍යවරුන් වන රවී කරුණානායක, රිෂාඞ් බදුර්දීන්, අනුර පි‍්‍රයදර්ශන යාපා, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර යන මහත්වරුන් ද BRJW පුද්ගලික සමාගමේ සභාපති ධරින් වීරසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක් මීට එක්ව සිටියහ.

<img class=”alignnone size-large wp-image-20503″ src=”http://www.president.gov.lk/wp-content/uploads/2017/03/02-15-1024×619.jpg” alt=”02″ width=”1024″ height=”619″ />

<img class=”alignnone size-large wp-image-20504″ src=”http://www.president.gov.lk/wp-content/uploads/2017/03/03-15-1024×476.jpg” alt=”03″ width=”1024″ height=”476″ />

 

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය